සංචාරක වෘත්තියේ 20කට HIV

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධ වෘත්තීන්හි යෙදෙන්නන් අතරින් එච්.අයි.වී. ආසාදිතයන් 20 දෙනෙකු වාර්තාවන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධ වෘත්තීන්හි යෙදෙන්නන් අතරින් එච්.අයි.වී. ආසාදිතයන් 20 දෙනෙකු වාර්තාවන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  පාර්ලිමේන්තුවේදී අද (23දා) පැවසීය.

2014 වසරේදී 07 දෙනෙකු, 2015 වසරේදී 05 දෙනෙකු සහ 2016 වසරේදි 08 දෙනෙකු වාර්තා වන බව ඇමතිවරයා සඳහන් කළේය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

සංගණනයක් මගින් හඳුනාගත් සංචාරක මගපෙන්වන්නන් සඳහා එච්.අයි.වී. රෝගය පිළිබඳව දැනුවත් කිරීම, එච්.අයි.වී. රුධිර පරීක්ෂණ සඳහා ලිංගාශ්‍රිත රෝග සායනවලට යොමු කිරීම, ඔවුන්ට කොන්ඩම් ලබාදීම, පසු විපරම් කරමින් රෝගය අවම කිරීම ආදිය සිදුකිරීමට රජය කටයුතු කර ඇතැයි සේනාරත්න  සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5533651212951469191

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item