කේරළයේ 21 ක්‌ ශ්‍රී ලංකාව හරහා ගොස්‌ සිරියාවේ ත්‍රස්‌තයන්ට එක්‌වෙලා

ඉන්දීය කේරළ ප්‍රාන්ත වැසියන් විස්‌aඑක්‌ දෙනකු ඉකුත් ජනවාරියේ සිට ජූලි දක්‌වා මාස හතක්‌ තුළ ශ්‍රී ලංකාව හරහා සිරියාවට ගොස්‌ ඉස්‌ලාමීය අයිඑ...

ඉන්දීය කේරළ ප්‍රාන්ත වැසියන් විස්‌aඑක්‌ දෙනකු ඉකුත් ජනවාරියේ සිට ජූලි දක්‌වා මාස හතක්‌ තුළ ශ්‍රී ලංකාව හරහා සිරියාවට ගොස්‌ ඉස්‌ලාමීය අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ වී ඇතැයි මුම්බායි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයන් ශ්‍රී ලංකාව හරහා සිරියාවට පිටත් කර යෑවූ මුස්‌ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් මුම්බායි පොලිසිය මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඉස්‌ලාම් අයිඑස්‌ ත්‍රස්‌තවාදී සංවිධානයේ කටයුතුවලට ශ්‍රී ලංකාව භාවිතා කරන බවට ඉන්දීය ආරක්‍ෂක අංශ ඉකුත් මාස දෙක තුළ හෙළි කර ගත්a දෙවන අවස්‌ථාව මෙය වේ.

අයිඑස්‌ ත්‍රස්‌තවාදීන් සමග සබඳතා පවත්වමින් ශ්‍රී ලංකාව හා සම්බන්ධව සිටි මුස්‌ලිම් ජාතිකයකු මීට මාසයකට පමණ පෙර ඉන්දීය ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුම්බායි පොලිසිය ඉකුත් සිකුරාදා කේරළ ප්‍රාන්තයේ සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම මුස්‌ලිම් ජාතික සැකකරු ඉකුත් මාස තුනක පමණ කාලයේදී කේරළ වැසියන් දස දෙනකු මේ අන්දමින් ශ්‍රී ලංකාව හරහා අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ කර ඇතැයිද මුම්බායි පොලිසිය හෙළි කරගෙන ඇත.
 
තව විස්තර :



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4977544123198103746

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item