නැගෙනහිර සරසවියට ගිය කිරිඇල්ලට අලකලංචියක්‌

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ විවෘත කිරීම් කිහිපයකට සහභාගිවීම සඳහා ඊයේ (19 වැනිදා) එහි පැමිණි උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට වි...

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ විවෘත කිරීම් කිහිපයකට සහභාගිවීම සඳහා ඊයේ (19 වැනිදා) එහි පැමිණි උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉදිරිපත් කළ ගැටලු දහයකට විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වනතුරු අදාළ උත්සව සඳහා සහභාගිවීමට ඉඩ ලබා නොදීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ක්‍රියා කළහ.

ත්‍රිකුණාමලය නැගෙනහිර විශ්වවිද්‍යාල මණ්‌ඩපයේ නේවාසිකාගාරයක්‌ ඇතුළු ගොඩනැඟිලි කහිපයක්‌ විවෘත කිරීම සඳහ උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (19 වැනිදා) පෙරවරු 9.30 ට විශ්වවිද්‍යාල පිවිසුම් දොරටුවට පැමිණෙද්දී සිසුහු එය වැළැක්‌වූහ.

මෙම ගොඩනැඟිලි විවෘත කිරීමට පෙර සිසුන්ට තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කළ යුතු බවට එම සිසුහු ඇමැතිවරයාට කීහ. ඒ අනුව සිසුහු ඇමැතිවරයා ආපනශාලාවට කැඳවාගෙන ගියහ.

අවම පහසුකම් ඇති ආපනශාලාවේ සිට කළ සාකච්ඡාවේදී සිසුහු ප්‍රශ්න දහයක්‌ ඉදිරිපත් කළහ. ක්‍රීඩා පහසුකම්, රංගශාලා පහසුකම් නොමැති බව ද පැවසූහ.

සිසු ගැටලුවලට ඇහුම්කන් දුන් ඇමැතිවරයා රුපියල් මිලියන ගණනක ප්‍රතිපාදන ඒ අවස්‌ථාවේදීම වෙන් කරමින් ජනසන්නිවේදන පාඨමාලාවට අවශ්‍ය ගොඩනැඟිල්ල හා උපකරණ සඳහා මුදල් වැය කිරීමට උපදෙස්‌ දුන්නේය.

සිසුන්ගේ ඉල්ලීම් දහය ලබාදීමට ඇමැතිවරයා එකඟ වුවද සිසුහු එම එකඟත්වය ලිඛීතවම ඉල්ලා සිටියහ. එය ප්‍රතික්‍ෂේප කළ ඇමැතිවරයා පිටව යැමට සූදානම් වෙද්දී සිසුහු ඇමැතිවරයාගේ ගමන වැළැක්‌වූහ. සිසුන්ගේ ඉල්ලීම් සහිත ලේඛනයට උසස්‌ අධ්‍යාපන අමාත්‍ය අතිරේක ලේකම්වරයා අත්සන් කළ පසු ඇමැතිවරයා එම ස්‌ථානයෙන් පිටව ගියේ මෙම අවස්‌ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සහ උප සභාපති සහභාගි නොවීම සම්බන්ධව ඒ අයට දුරකථනයෙන් අමතා දොස්‌ පවරමිනි.

එළැඹෙන 29 දා ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට විශ්වවිද්‍යාලයේ එම සිසුන් සමඟ සාකච්ඡාවක්‌ ලබාදෙන බව පවසා ඇමැතිවරයා ඉන්පසු අදාළ ගොඩනැඟිල්ල විවෘත කළේය. එම විවෘත කිරීම්වලට සිසුහු ද සහභාගි වූහ.
Divaina




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2474709914863730974

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item