සංවත්සරයට නොආවොත් තනතුරු හැලුණු ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවනවා - ශ්‍රීලනිප ජේෂ්ඨක්
මේ වන විට ආසන සංවිධායක තනතුරුවලින් නෙරපා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්‌ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගි නොවුණහ...

https://www.sathhanda.com/2016/08/slfp_20.html
මේ වන විට ආසන සංවිධායක තනතුරුවලින් නෙරපා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්‌ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගි නොවුණහොත්
ඔවුන්ගේ ශ්‍රීලනිප සාමාජිකත්වයද අහෝසි කෙරෙනු ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර
ආරංචි මාර්ග කියා සිටී.
කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සංවත්සරයට
මෙම ආසන සංවිධායක ධුර අහිමි කෙරුණු මන්ත්‍රීවරුන්ටද සහභාගි වන ලෙස දන්ව මේ
වන විටත් ආරාධනා පත්‍ර යවා තිබේ. ඒ අනුව එම පිරිස සංවත්සරයට සහභාගි වන්නේද
යන්න පිළිබඳව පක්‍ෂය සැලකිල්ලෙන් පසුවන බවත්, යම් හෙයකින් ඔවුහු සහභාගි
නොවුණහොත් එම අයගේ පක්‍ෂ සාමාජිකත්වය පවා අහෝසි කෙරෙනු ඇති බවත් ශ්‍රීලනිප
ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පවසා තිබෙනවා.
Related