පනතට අත ඉස්සුවොත් ඔවුන් දේශද්‍රෝහින්! - පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ඉඩනොදිය යුතු බව රාජකීය පණ්ඩිත පූජ්...

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ඉඩනොදිය යුතු බව රාජකීය පණ්ඩිත පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කරයි.

එම පනත මගින් මෙරට ආර්ථික මරමස්ථානයන් හි තොරතුරු සොයාබැලීමටද ඉඩ ලැබෙන බවත්, එසේම එමඟින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තයින් රණවිරුවන් හා සමාන තත්ත්වයට සැලකීමට ඉඩ ලැබෙන බවත්, උන්වහන්සේ කියයි.

මෙම කාර්යාලයට වෙනම සී.අයි.ඩීයක් පාලනය කළ හැකි බවද, එම කාර්යාලයීය මගින් සිදුකරන කිසිවකට එරෙහිව අධිකරණයකට යාමට නොහැකි බවද උන්වහන්සේ අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ නිසා මේ රටේ බත්කාපු, කිරිබීපු කිසිවෙකු එම පනත සම්මත කර ගැනීමට අත ඉස්සුවොත් ඔවුන් දේශද්‍රෝහින් බවත් උන්වහන්සේ පෙන්වාදුන්නේය.

අභියාචනාධිකරණයේ බලතල ලැබෙන පනතක් ලෙස මෙය සැලකිය හැකි බවද එහිදී බෙංගමුවේ නාලක හිමියන් පැවසීය.

රටට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළට කළ යුතු එකම දෙය මෙම ආණ්ඩුව පෙරළා දැමීම යැයිද නාලක හිමියන් එහිදී කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5883439422093486388

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item