නව වැට්‌ බද්දට හෙට සිට විරෝධතා - ජනපති අද වෙළෙඳ සංගම් සමග සාකච්ඡාවකට

තොග හා සිල්ලර වෙළෙ¹මට රජය විසින් අලුතින් පනවන ලද වැට්‌ බැද්දට විරෝධය පළකරමින් හෙට (09 දා) සිට අඛණ්‌ඩව විරෝධතා දැක්‌වීමට දිවයින පුරා විසිර...

තොග හා සිල්ලර වෙළෙ¹මට රජය විසින් අලුතින් පනවන ලද වැට්‌ බැද්දට විරෝධය පළකරමින් හෙට (09 දා) සිට අඛණ්‌ඩව විරෝධතා දැක්‌වීමට දිවයින පුරා විසිරී සිටින වෙළෙඳ සංගම් නියෝජිතයින් තීරණය කර ඇත. එහි ප්‍රථම පියවර ලෙස හෙට ශ්‍රී ලංකාව පුරා සෑම නගරයකම කඩ සාප්පු වසා මහපාරට බැස විරෝධතා සිදුකරන බව එම වෙළෙඳ සංගම් නියෝජිතයන් පවසනවා.

සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව විසින් සංවිධානය කරන මෙම විරෝධතා ව්‍යාපාරයේ එක්‌ අංගයක්‌ ලෙස රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වැට්‌ බදු සංශෝධන පනතට සහාය නොදෙන ලෙස ඉල්ලමින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිත සංදේශයක්‌ භාර දීමටද නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වෙළෙඳ සංගම්වලට දුන් පොරොන්දුව කඩ කරමින් වෙළෙඳ ප්‍රජාවට කිසිදු දැනුවත් කිරීමක්‌ සිදු නොකරමින් මුදල් ඇමැතිවරයාගේ අභිමතය පරිදි එම වැට්‌ බදු සංශෝධන පනත අගෝස්‌තු 11 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඊට විරෝධය පළ කරමින් මේ අඛණ්‌ඩ විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවත් වෙළෙඳ සංගම් නියෝජිතයෝ ප්‍රකාශ කරති.

රජයේ බදු යෝජනාවකට එරෙහිව මෙසේ රට පුරාම කඩ සාප්පු වසා විරෝධතා ව්‍යාපාරයක්‌ දියත් කෙරෙන්නේ ප්‍රථම වතාවටය. කඩ සාප්පු වසා කළු කොඩි ඔසවා ඒ ඒ නගරවලදී එම පළාත්වල වෙළෙඳ සංගම් විසින් වෙන වෙනම විරෝධතා ව්‍යාපාර සිදුකරන බවද, මේ විරෝධතා ව්‍යාපාරයට කිසිදු දේශපාලනයක්‌ නැති බවද වෙළෙඳ සංගම් නියෝජිතයෝ කියති.

දිවයින පුරා විසිරී සිටින වෙළෙඳ සංගම් නියෝජිතයන් සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව ලෙස සංවිධානය වී මුලින් නගර මට්‌ටමින් කඩ සාප්පු වසා දමා විරෝධතා ව්‍යාපාර සිදුකරන ලදී. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉකුත් ජුලි 04 දින දිවයිනේ සියලු වෙළෙඳ සංගම් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගත්තේය. එහිදී වෙළෙඳ සංගම් නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු අධ්‍යයනය කොට ව්‍යාපාරික ප්‍රජාව අපහසුවට ලක්‌ නොකරන බදු ක්‍රමයක්‌ හඳුන්වා දෙන බවට ජනාධිපතිවරයා වෙළෙඳ සංගම්වලට දෙන ලද පොරොන්දුව නිසා නගර මට්‌ටමින් සිදුකළ විරෝධතා ව්‍යාපාර නතර කිරීමට තීරණය කෙරිණි. එහෙත් එම පොරොන්දුවට පිටින් ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් නොකර මුදල් ඇමැතිවරයා එම වැට්‌ බදු සංශෝධන පනත අගෝස්‌තු 11 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් ඊට එරෙහිව හෙට සිට මේ අඛණ්‌ඩ විරෝධතා ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවත් වෙළෙඳ සංගම් නියෝජිතයෝ තවදුරටත් පැවසුහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5506422059232257632

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item