ගුවන් සේවා සමාගමේ වාහන සාපරාධී පරිහරණ චෝදනාවේ සැකකරුවන්ට ඇප

ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට අයත් වාහන දෙකක්‌ සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත පසුගිය 30 වැනිදා වරකාපොළ පොලිසිය විසින් අත...

ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට අයත් වාහන දෙකක්‌ සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත පසුගිය 30 වැනිදා වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි එම සමාගමේ සේවයේ නියුතු වෘත්තීය සමිති සභාපති වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වර්ණසිරි බණ්‌ඩාර මුහන්දිරම් සහ එම සමාගමේ වාහන දෙකේ රියෑදුරන් දෙදෙනා ඇප මත මුදා හැරීමට වරකාපොළ දිසා විනිසුරු උද්දාල සුවන්දුරුගේ  පසුගිය (4 දා) තීරණය කළේය.

පසුගිය ජුලි මස 30 වැනි දින දිවංගත ඇමැති ධර්මසිරි සේනානායක මහතා වෙනුවෙන් වරකාපොළ පැවැති උත්සවයක්‌ සඳහා මෙම වාහන යොදාගෙන තිබූ අතර වාහන දේශපාලන කටයුතුවලට යොදාගත් බවට ඔවුන් චෝදනා ලබා තිබුණි.

උක්‌ත කරුණ හා දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවට සම්බන්ධ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් වාහනවල පූර්ණ අයිතිය පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස්‌ ලබා ගැනීමට තීරණය කළේය. මෙදින විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මහත්වරුන් විසින් ඉදිරිපත් කළ කරුණු අනුව මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් මුදා හැරීමට තීරණය කළේය. මේ අනුව එක්‌ සැකකරුවකුව රුපියල් දසදහසක මුදල් හා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 956182969927816373

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item