ඇතැම් මන්ත්‍රීන්ගේ ක්‍රියාකලාපය හෙළාදකිනවා - රවී කරුණානායක

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිකුළෙන් යුතුව හෙළාදකින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. යහපාලනයට එරෙහිව පාර්...

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිකුළෙන් යුතුව හෙළාදකින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. යහපාලනයට එරෙහිව පාර්ලිමේන්තුවේ සුළුතරයක් එහි උත්තරිතර භාවයට අභියෝග කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය. උතුරු කොළඹ සමිත්පුර ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මේ බව පැවසුවේය. ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු සොයා බැලීම අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණය. 

පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ කෙසේද යන්න කිසිම තැනක විශේෂයෙන් ලියැවු නීතියක් නොමැත. එහෙත් සම්මත යයි හැගෙන අකාරයෙන් ක්‍රියා කරන ආකාරය ඉතිහාසයේ සිට ලොව වටා ඇති සියලු පර්ලිමෙන්තුවලින් දක්නට ලැබුණි. ලොව දියුණුම රටක් වන ජපාන පාර්ලිමේන්තුවේද දරුණු අකාරයේ ගැටුම් හටගනු දන්නට ලැබුණි. එහෙත් වැදගත් වන්නේ එසේ හැසිරීමට හේතුව කුමක්ද යන්න සොයා බැලීමයි. 

පසුගිය චන්ද්‍රිකා කුමාරතුංග සමයේ පර්ලිම්න්තුවේ ලියකියවිලි වලට ගිනිතබමින් පාර්ලිමේන්තුවේ දරුණුම විරෝදය දකවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක එවක විපක්ෂයයි. එනිසා සිහි කලපනාවෙන් ක්‍රියා කරමින් විරෝධයට හේතුවූ කරුණු ගැන සාකච්චා කිරීම දියුණු සමාජයේ ලක්ෂණයක් වන අතර මෙවන් හිස් කතා කරමින් කාලය නාස්ති කිරීම රවී කරුණානායකගේ මෙන්ම රටේ කාලයත් කා දැමීමකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1281323185216097386

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item