කෝටිපතියාගේ ඝාතනයේ රහස හෙළිවන ලකුණු

කෝටිපති ව්‍යපාරික මොහොමඩ් ශකීබ් සුලෙයිමාන් බම්බලපිටියේදී පැහැරගෙන ඝාතනය කිරීමට සම්බන්ධ අපරාධ කල්ලියේ දෙදෙනෙකු හඳුනා ගැනීමට කොළඹ අපරාධ කොට...

කෝටිපති ව්‍යපාරික මොහොමඩ් ශකීබ් සුලෙයිමාන් බම්බලපිටියේදී පැහැරගෙන ඝාතනය කිරීමට සම්බන්ධ අපරාධ කල්ලියේ දෙදෙනෙකු හඳුනා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව ඇත. එම අපරාධකරුවන්ගේ ඡායාරූප දෙකක් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයට හමු වී ඇති බව ‍පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

කෑගල්‍ලේ පිහිටි කොමියුනිකේෂන් ආයතනයකට ගොස් පැහැර ගැණුනු ව්‍යාපාරිකයාගේ පියාට දුරකථන ඇමතුමක් දෙමින් කෝටි දෙකක කප්පම් ඉල්ලා ඇත්තේ ඔවුන්ය. එම අපරාධකරුවන් දෙදෙනා කොටුකර ගැනීමට මේ වන විට පුළුල් විමර්ශනයක් පවත්වන බවත් ඉදිරියේදී මහජනතාවගේ සහය ලබාගැනීමට එම ඡායාරූප ප්‍රසිද්ධ කිරීමටද බලා‍පොරොත්තු වන බවත් ‍පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

කෝටිපති ව්‍යාපාරිකයා පැහැර ගැනීමටත් ඝාතනයට ලක්වීමත් ඒ සම්බන්ධයෙන් මතෛක් කර ඇති විමර්ශනවල ප්‍රගතියත් දැක්වෙන වාර්තාවක් අගමැතිවරයාට ‍පොලිස්පතිවරයා විසින් ලබාදී ඇතැයිද එම උසස් ‍පොලිස් නිලධාරියා විසින් වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1321231502266112956

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item