පක්ෂ සම්මේලනය ගැන ඒකාබද්ධ විපක්ෂයේ තීරණය වඩා පුළුල්ව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම දින කිහිපයකින් ප්‍රමාද කිරීමට එ්කාබද්ධ විපක්ෂ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම දින කිහිපයකින් ප්‍රමාද කිරීමට එ්කාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

ඒකාබද්ධ විපක්ෂයේ බලමණ්ඩල සාමාජිකයන් කැඳවා මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීමටයි මෙහිදි තීරණය වී තිබෙන්නේ.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කිරීමටද මෙහිදී තීරණය කෙරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක සඳහන් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4193508837852185263

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item