කිසිවෙකුගෙන් හෝ පලිගත්තේ නෑ - දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ 65වන සංවත්සරය සැප්තැම්බර් මස 03 වන දින උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව පක්ෂයේ මහලේකම්,අමාත්‍ය දුමින්ද දිසානායක පව...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ 65වන සංවත්සරය සැප්තැම්බර් මස 03 වන දින උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව පක්ෂයේ මහලේකම්,අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි. මින් පෙර පැවසුයේ සංවත්සරය 4 වනදා පවත්වන බවය.

මෙම සමුළුව පක්ෂයේ ශක්තිමත්භාවය පෙන්වන අවස්ථාවක් වනු ඇති බවත්,මීට පෙරාතුව මෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසකවරුන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් ආරාධනා කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු ආසන සංවිධායකවරුන් පිරිසක් වෙනුවට නව සංවිධායකවරුන් පිරිසක් පත්කරනු ලැබුවේ කිසිවෙකුගෙන් පලිගැනීමට හෝ කිසිවෙකුට හිරිහැර කිරීමට නොවන බවද දුමින්ද දිසානායක කියා සිටියේ අද (18)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

නව ආසන සංවිධායකවරුන් පත්කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලැබුවේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවක් මගින් බවත්,එයින් සියයට සියයක්ම පාහේ ඉකුත් කාලයේ මහින්ද රාජපක්ෂ මහතා සමග සහයෝගයෙන් කටයුතු කළ උදවිය බවත් ඔහු සඳහන් කළේය. එහෙත් ඒ කමිටුවේ බොහෝ තීරණ ගනු ලැබුයේ ජනාධිපති මෛතිරිපාල සිරිසේන මහතා, දුමින්ද දිසානායක සහ චන්ද්‍රිකා කුමාරතුංග විසින් බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4337283721030229013

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item