චීන නිල සංචාරය නිමවා අගමැති දිවයිනට
පස් දින චීන නිල සංචාරය අවසන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය. අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පි...

https://www.sathhanda.com/2016/08/ranil-wickramasinghe.html
අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී 11.40 ට චීනයේ ගුවැන්ෂෝ සිට පැමිණි යූ.එල්. 883 දරණ යානයෙන් මෙරටට පැමිණි තිබේ.
පස්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයා චීනය බලා පිටත්ව ගියේ පසුගිය 13 වනදායි.
චීන සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස චොංජිං මහා නගරයේ ගුයාන් වරායේ සහ බහලුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
පසුව අග්‍රාමාත්‍යවරයා චොංජිං මහා නගරයේ නගරාධිපතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය අතරතුර ෂෙන්ජන් නුවර කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයා මෙන්ම ෂෙන්ජන් ව්‍යාපාරික ප්‍රජාව ද හමුවිය.
Related