නොනිල පිටු නිසා ගෝඨාබයට තම නිල පිටුව ගැන කියන්න වෙයි

පසුගියදා ගෝඨාබය රාජපක්ෂ විසින් තම "නිල" facebook පිටුවෙහි විශේෂ සටහනක් තබා තිබෙනු දක්නට ලැබුණි. "නිල" යන්න සඳහන් කිර...

පසුගියදා ගෝඨාබය රාජපක්ෂ විසින් තම "නිල" facebook පිටුවෙහි විශේෂ සටහනක් තබා තිබෙනු දක්නට ලැබුණි. "නිල" යන්න සඳහන් කිරීමට සිදුවන්නේ ඒ තරමටම නොනිල facebook ගිණුම් විශාල ප්‍රමාණයක් එතුමාට හිතවත් හෝ නොහිතවත් පිරිසක් විසින් පවතවාගෙන යාමත් එසේ පවත්වාගෙන යන පිටු හරහා නිකුත් කරනු ලබන අදහස් ගෝඨාබය රාජපක්ෂගේම අදහස් නොවෙන නිසාවෙනි. කෙසේ වෙතත් එතුමාගේ සටහන පහතින් දැක්වේ. 







විශේෂ දැන්වීමයි -

මාගේ නිල සමාජ වෙබ් පිටු ලෙස පවත්වාගෙන යන්නේ “Gotabaya Rajapaksa” යන ෆේස්බුක් සමාගමෙන් සහතික කරනලද මුහුනුපොත් /ෆේස්බුක් පිටුව සහ Gotabaya Rajapaksa (‪#‎GotabayaR‬) යන නාමයෙන් පැවැත්වෙන ට්විටර් ගිණුම පමණක් වන අතර, මේ ගිණුම් වලින් පමණක් මාගේ පෞද්ගලික මතයන් සහ පණිවුඩ නිකුත්කරන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

මීට අමතරව මාගේ නමින් තවත් ෆේස්බුක් පිටු සහ ට්විටර් ගිණුම් ගණනාවක් ඇති බව පෙනී යන අතර ඒවායේ පලවන සමහර අදහස් සහ කරුණු මාගේ පෞද්ගලික විශ්වාසයන් හෝ පණිවිඩ නොවන බව කාරුණිකව මතක් කරමි.

ඔබ සියලු දෙනා මෙතෙක් දැක්වූ කාරුණික සහයෝගය මා ඉතා අගය කරන අතර, තව දුරටත් ඔබ සමග මෙම සමාජ වෙබ් පිටුව මගින් රැඳී සිටින්නට බලාපොරොත්තු වෙමි - ගෝඨාභය රාජපක්ෂ

ඔබගේ ලාබ ප්‍රයෝජනය හෝ යම් අයෙකුට ඇති කැමැත්ත හෝ යම් අයෙකුට සහාය දීමක් වශයෙන් ඔබ විසිත් තව කෙනකුගේ facebook පිටුවක් පවත්වාගෙන යනවා විය හැකිය. එය නීති විරෝධී නොවෙතත් යම් අවස්තාවකදී එය සදාචාරය ඉදිරියේදී ප්‍රශ්න කිරීමට ලක්විය හැකිය. එය ඔබ මෙන්ම එහි/ඒ නමෙහි සැබෑ හිමිකරුවාද යම් දවසකදී අපහසුතාවයට පත්විය හැකිය. හුදු ලබා ප්‍රොයෝජන හෝ ලැබැදියාව අමතක කර නිල facebook පිටුවට සහය දැක්වීම සියලු දෙනාගේ පහසුවට හේතු වනු ඇත.

එතුමාගේ නිල Facebook  පිටුව වන්නේ https://www.facebook.com/gotabayar/
 





අප කල සොයා බැලීමකදී දක්නට ලැබුනේ විශාල නොනිල facebook පිටු ප්‍රමාණයක් සහ ගිණුම් පවතින බවය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3031838056481789460

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item