සරණ දුවන දිවිල්ලට වැඩලා බෑ. දුවන්නම වෙනවා - කවුරුත් කතා කරන පොඩි හාමුදුරුවෝ

මා කාලයේ සුන්දරත්වය නැවතත් හදවතට සමීප කරවන ටෙලි නාට්‍යයක් ලෙස මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන 'සිඳූ' හැඳින්විය හැකිය. එහි එන ළමා චර...

මා කාලයේ සුන්දරත්වය නැවතත් හදවතට සමීප කරවන ටෙලි නාට්‍යයක් ලෙස මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන 'සිඳූ' හැඳින්විය හැකිය. එහි එන ළමා චරිත අතුරින් සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය කැපී පෙනෙන චරිතයක් වී ඇති අතර, එය මේ දිනවල වැඩි වශයෙන් කතාබහටද ලක්ව තිබේ. මේ නිසාම 'සිඳු' හි සෝරත පොදු හාමුදුරුවන් සමග කතාබහ කිරීමට අපි දෙරණට ගියෙමු.

Q පොඩි හාමුදුරුවනේ කෝ සිවුර?
දැන් ෂූටිං නෑනේ. ඒ නිසා සිවුර තියලා ආවේ.
Q පොඩි හාමුදුරුවන්ගේ නම මොකක්ද?
කවීෂ විහඟ
Q අපි පොඩි හාමුදුරුවො කියන්නද?කවීෂ කියන්නද?
කවීෂ කියන්න.
Q කවීෂ මේ දවස්වල මොනවද කරන්නේ?
ඉස්කෝලෙ නිවාඩු. ඒ නිසා ෂූටිං යනවා, සෙල්ලම් කරනවා.
Q රඟපානකොට ඔයාට බය හිතෙන දේවල් එහෙම වුණාද?
ඔව්. එක දවසක් රඟපානකොට උඩින් ආපු ප්ලේන් එකකට බය වුණා. මට ඇඬුණා. ඊටපස්සෙ ඒ මාමලාට මම කිව්වා ඒක ටීවී එකට දාන්න එපා කියලා.
Q ඉතිං තව මොනවද වුණේ?
දවසක් ෂූටිං කරද්දි වැව ළඟදි එක පාරටම දුවගෙන එන්න කිව්වා. මම දුවගෙන ආවා. ඊටපස්සේ ජබොස් ගාලා ගිලුණා. ආයෙ උඩට ආවා. වැවේ ඉද්දි මාළුත් කෙටුවා. ලොකු හාමුදුරුවන්ට හොරෙන් යාළුවොත් එක්ක වැවේ නාන්න ගිහිල්ලා තමයි එහෙම වුණේ. ඊටපස්සේ එයාලා ආපහු යට යන්න කිව්වා. මම බයවෙලා ගියේ නැහැ.
Q කැලේ යද්දි මොකද වුනේ?
කැලේ යද්දි කටු ඇනිලා මම ඇඬුවා. එතකොට ඒ මාමලා කටු අයින් කළා.
Q 'සිඳු' කණ්ඩායමේ ඉන්න නැන්දලා, මාමලා කවීෂට මොනවද කියන්නේ?
එයාලා මට ගොඩක් ආදරෙයි. මාව හැම වෙලාවෙම වඩාගෙන ඉන්නේ.
Q පොඩි හාමුදුරුවන්ගේ යාළුවො ටික කොහොමද?
එයාලා හොඳයි. මම රඟපානවා ලස්සනයි කියලා කියනවා.
Q එතකොට 'සිඳූ'?
එයත් හොඳයි.
Q 'සිඳූ' නාට්‍යයේ ඔයා කැමතිම කෙනා කවුද?
හීං බබා සීයා
Q ඒ ඇයි?
හීං බබා සීයා ලොකු කතන්දර කියනවා. මම එයාට ආසයි. මට සරුංගලයක් හදලා දෙනවා කිව්වා. තවම හදලා දුන්නෙ නැහැ. හැබැයි ඉතිං හීං බබා සීයා ටිකක් බොරුත් කියනවා.



Q එතකොට ලොකු හාමුදුරුවො කොහොමද?
ලොකු හාමුදුරුවෝ හොඳයි. හැබැයි ටිකක් සැරයි.
Q ඔයාගේ 'සරණ' ගැනත් කියමුද?
මම පූසෙක් වඩාගත්තෙ ඉස්සරලම නාට්‍යයට. ඒ කුරුණෑගල ෂූටිං තියෙද්දි. අපි එහෙ නැවතිලා හිටියෙ. %සරණ^ ටිකක් බරයි. මට බයත් හිතුණා. මම වඩාගත්ත ගමන් එයා පැනලා දිව්වා.
Q ගෙදර කවුරු කවුරුද ඉන්නේ?
අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි
Q ගෙදර අය 'සිඳූ' බලනවද?
ඔව්, එයාලා හොඳයි කියනවා. අපේ ගමේ නැන්දලා මාමලාත් හොඳයි කියනවා.
Q කවීෂට ඇත්තටම පොඩි හාමුදුරු කෙනෙක් වෙන්න ආසයිද?
(සිනහවෙමින්) ඔව්. ආසාවක් තියෙනවා.
Q ගමේ පන්සලේ හාමුදුරුවො මොකද කියන්නේ?
හාමුදුරුවෝ ආසයි. මහණ වෙන්න කතා කරනවා.


Q ඉතිං පොඩි හාමුදුරුවෝ නාට්‍යයේ බණ කියනවද?
බණ කියන්නේ නැහැ.
Q දැන් සිවුර තනියම ඇඳගන්න පුළුවන්ද?
තවම බැහැ. එයාලා අන්දවනවා.
Q නාට්‍යයට අමතරව තව මොනවද කරන්නේ?
දෙරණ එෆ්.එම්. එකේ 'පුංචි තරුත් එක්ක ආයුබෝවන්' වැඩසටහනේ ඉන්නවා. ඒකේ මම හඬකැවීම් කරනවා. නාට්‍ය රඟපානවා, කතා කියනවා, අපේ වැඩසටහනට එන අයගෙන් තේරවිලි අහනවා. සිංදු කියන්න කියල කියනවා.


Q පොඩි හාමුදුරුවන්ගෙ චරිතෙ රඟපෑවා වගේ තව මොනවද රඟපාන්න කැමති චරිත?
රජතුමාගේ චරිතෙ රඟපාන්න කැමතියි.
Q එතකොට කවීෂගෙ ඉස්කෝලෙ මොකක්ද?
පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය
Q කී වෙනි වසරෙද ඉන්නේ?
එක වසරේ. ටීචර්ගේ නම කුසුමාලි.
ඡායාරූප - ශමිර රාජපක්ෂ




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සාහිත්‍ය කලා 7008978612935566906

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item