රාජගිරියට එන ගුවන් පාලම(PHOTOS)

රාජගිරිය මංසන්දියට ඉහළින් ඉදිකෙරෙන ගුවන් පාළමේ පළමු අදියර නිමාවට පත්කිරීම සඳහා අවම වශයෙන් මාස 9ක කාලයක් ඇතුලත ඉදිකර වසරක් ඇතුළත මාර්ගයේ එම ඉදිකිරීම් ජනතා අයිතියට පත්කරන බවයි මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරනවා.

පළමු අදියර යටතේ ඉදිකෙරෙන්නේ එක් මන්තීරුවක් පමණයි. එය ද්විත්ව මංතීරුවක්. අනෙක් මංතීරුව සකස් කිරීම ආරම්භ කෙරෙන්නේ පළමු මංතීරු ද්විත්වය ජනතා අයිතියට පත්කිරීමෙන් පසුවයි. රාජගිරිය මාර්ග අංක 177 කඩුවෙල ප්‍රධාන මාර්ගය සහ බුත්ගමුව මාර්ග එකිනෙක යා කෙරෙන HSBC ගොඩනැගිල්ල ස්ථානය ගුවන් මාර්ගයේ එක් අන්තයක් වනවා. ගුවන් මාර්ගයේ අනෙක් කෙළවර ජනාධිපති විද්‍යාලය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත හැරෙන මංසන්ධිය දක්වා මාර්ග අංක 177ට ඉහලින් ඉදිවෙනු ඇති. ගුවන් මාර්ගයේ සම්පූර්ණ දිග මීටර 558ක් වනවා.

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් හෙට (31) සිට ආරම්භ කරන බව වාර්තා වෙන අතර එම නිසා රාජගිරිය මංසන්ධිය හරහා වාහන ධාවනයට සීමා පැනවීමට ද සිදුවන බවයි මහමාර්ග අමාත්‍යංශය පවසන්නේ. අවහිරතා මගහරවා ගැනීම සඳහා හැකි පමණ විකල්ප මාර්ග භාවිත කරන්නැයි එහි ලේකම් ඞී.සී. දිසානායක රියදුරන්ගෙන් එල්ල සිටිනවා





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5611427160764516112

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item