රවීගේ පලිගැනීම් ජනපති මැදහත් වෙයි

වැට්‌ බද්දට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ වෙළෙඳ සංගම් නායකයන්ගේ කඩසාප්පු කාර්යාල සහ ගබඩා රේගුව මගින් සීල් තබමින් සිදු කරන ...

වැට්‌ බද්දට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ වෙළෙඳ සංගම් නායකයන්ගේ කඩසාප්පු කාර්යාල සහ ගබඩා රේගුව මගින් සීල් තබමින් සිදු කරන පළිගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

ඒ අනුව එම තත්ත්වය පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහලේකම් සහ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකට දැනුම් දී ඇතැයිද රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

වැට්‌ බදු වැඩි කිරීම නිසා සිදුව ඇති අසාධාරණයට එරෙහිව සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව විසින් නගර මට්‌ටමින් කඩසාප්පු වසා සිදු කළ විරෝධතා ව්‍යාපාර පිළිබඳ ජනාධිපතිවරයාට කරුණු දැක්‌වීමෙන් පසු ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි විරෝධතා ව්‍යාපාරය නැවැත්වීමට තීරණය කර තිබියදී මෙසේ එම වෙළෙඳ ව්‍යාපාරිකයන් දඩයම් කිරීමේ වැඩපිළිවෙළක්‌ ශ්‍රී ලංකා රේගුව හරහා දියත් වීම පිළිබඳව මේ වනවිටත් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇතැයිද පවසයි.

මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස්‌ පරිදි ඇමැති දුමින්ද දිසානායක මහතා වෙළෙඳසල් සීල් කිරීමේ ක්‍රියාමාර්ගය ගැන දැනටමත් ශ්‍රී ලංකා රේගුවෙන් කරුණු විමසා ඇති අතර රේගු වෘත්තීය සමිතියද වැට්‌ බද්දට විරෝධය පළ කළ වෙළෙඳුන් දඩයම් කිරීම ගැන දැනටමත් සිය අප්‍රසාදය පළ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5433746444866086137

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item