ගෝඨාභය චන්ද්‍රිකාගේ කරුණු රහිත චෝදනා වලට කරුණු සහිතව පිළිතුරු දෙයි
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කණගාටුව පළ කරන ...

https://www.sathhanda.com/2016/08/gotabaya-rajapaksa.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අදාළ මිග් යානා කඩාවැටී ඇතැයි ද ඒවා මිලදී ගැනීමේදී මුදල් වංචාවක් සිදුව ඇතැයි ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියා සිටියා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ අදාළ යානා කිසිවක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී කඩා නොවැටුණු බවයි.
මෙම යානා ශ්‍රී ලංකාවට රැගෙන ආවේ කොටස් වශයෙන් ගලවා භාණ්ඩ ප්‍රවාහන යානා මගින් බවද ගෝඨාභය රාජපක්ෂ කියා සිටියා. අදාළ ගනුදෙනුවේදී මිග් යානා මිලදී ගත්තේ ගුවන් හමුදාවේ පූර්ණ යෝග්‍යතා පරීක්ෂණයකින් පසුව යුක්රේන රාජ්‍ය සමාගමකින් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
තමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේදී කිසිඳු පාර්ශ්වයකට කිසිඳු අයුරකින් දූෂණයක් හෝ අවභාවිතයක් කිරීමට නොහැකි වන පරිදි කටයුතු කළ බවද ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ වැටුපට අමතරව තමන් කිසිඳු මූල්‍ය ප්‍රතිලාභයක් ආරක්ෂක ලේකම්වරයා ලෙස ලබා නොගත් බවයි.
Related