ඇමැතිවරු 6ක් ඉවත් කිරීමට සරත් විජේසූරිය සැරසෙයි - එය විජේසුරියගේ යහපාලනයයි

යහපාලන ආණ්ඩුවෙන් අපේක්ෂිත ඇතැම් අරමුණු ඉටු නොවූ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසනවා. ...

යහපාලන ආණ්ඩුවෙන් අපේක්ෂිත ඇතැම් අරමුණු ඉටු නොවූ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසනවා.

තමාට බලයක් ලැබුනහොත් කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් 6 දෙනෙකු වහාම ඉවත් කරන බව ඔහු කියා සිටියා.

ආචාර්ය එන්.එම්. පෙරේරාගේ 37 වැනි ගුණසමරුව වෙනුවෙන් යටියන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට අද (14) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

“මට දවසකට දුරකතන ඇමතුම් 10ක් 15ක් එනවා. අහවල් තැනට පත්කරලා තියෙන පුද්ගලයා බැසිල් රාජපක්ෂගේ හිතවතෙක්. ඇයි එයාව පත්කරේ ? දැන් මොකද කරන්නේ ? . අහවල් අතිරේක ලේකම්වරයා නාමල් රාජපක්ෂත් එක්ක බිස්නස් කරපු මිනිහෙක්. ඇයි එයාව එතනට පත්කරලා තියෙන්නේ ? ඔය විදිහේ දුරකතන ඇමතුම් අප්‍රමාණව එනවා. තාමත් අර පරණ අයමයි ඒ තැන්වළ වැඩකරන්නේ.දැන් මේකද යහපාලනය.

අනිත් පැත්තෙන් තව ජාතියක් එනවා. අලුත් ආණ්ඩුවේ ඇමතිවරු මෙච්චර හොරකම් කරනවා ඔයගොල්ලෝ දන්නැද්ද ? මේකද යහපාලනය , මෙහෙම ප්‍රශ්ණ එනවා. මේවා සරලයි කියලා මම කියන්නේ නැහැ. මේවා සංකීර්ණයි. යහපාලනයක් තුළ මේවා තියෙන්න බැහැ. මම කැමතියි මේවා එකසැරේ පරාජය කරන්න පුළුවන් නම්. මට බලයක් තියෙනවනම් මම කැබිනට් මණ්ඩලයේ 06 දෙනෙක් දැන් අයින් කරනවා. මා ලඟ 06 දෙනෙක් ගැන මිනිස්සු ගෙනත් දීපූ ලිපි ගොනු තියෙනවා. ප්‍රබල චරිත. අමාත්‍යංශ 11 ක ලේකම්වරු මම වහාම ගෙදර යවනවා මට බලයක් තියෙනවනම්”.
ඔහුගේ කතාවෙන් සරලවම පෙනෙන දෙයක් නම් රාජපක්ෂලාට හිතවත් සියලු දෙනා දුෂිතයන් යන්නයි. ඒ දේශපාලන මතය දරන්නන්ද ඔහු එක හෙලාම දුෂිතයන් කර ඇත. පරීක්ෂණයක් නොපවත්වා කිසිවෙකු කියූ පමණින් සහ තම පුද්ගලික අකමැත්ත නිසාවෙන් එසේ ඒවත් කිරීමට ඔහු සැරසෙන්නේ නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ කුමක්ද යන්න සැක සහිතය. ඔහුට එසේ කිරීමට අවශ්‍ය නම් ඔහුද ඔහුගේම වචනෙන් ඒකාධිපතියෙකි. ලංකාවේ බහුතයක් මැති ඇමතිලා දුෂිතය, ඔවුන් සමග සිටින්නන්ද දුෂිතය, ඔවුන්ගේ වටේ සිටින සාමාන්‍ය ජනතාවද දුෂිතය, එනම් ලංකාවේ බහුතරය දුෂිත සිත් ඇත්තන්ය. එසේ කියා ඔවුන් තම හිතගි එලවා දැමිය නොහැකිය. ඒ සඳහා අනුමත නීති රාමු තුල කටයුතු කිරීම කල යුතුය.
ආණ්ඩුව පත්කිරීමට දරදිය ඇද්දේ ඔවුන්ය. උදේ සවස හමුවන්නේ ඔවුන්ය එසේ නම් බලය ඇති පිරිස වෙත බල කරමින් නීති අනුව කටයුතු කිරීමට වෙහෙසීම ජනතාව ඉදිරියේ මෙසේ හිස් වචන භාවිතා කිරීමට වඩා අනැගි බව අපට හිතේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1693330942331514503

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item