ඉතිහාසයේ බරපතළම තීන්දුව ගැනීමට වෛද්‍යවරු සූදානම්

රටට හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සිදුකරන අහිතකර ව්‍යුහාත්මක වෙනස්කම් වහාම නතර නොකළහොත් ඉදිරි සතිය තුළදී දැඩි තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධා...

රටට හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සිදුකරන අහිතකර ව්‍යුහාත්මක වෙනස්කම් වහාම නතර නොකළහොත් ඉදිරි සතිය තුළදී දැඩි තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.මෙම තීරණය ඉතිහාසයේ ගන්නා බරපතළම තීන්දුව විය හැකි බව සංගමයේ සංස්කාරක වෛද්‍ය නලීන් ද හේරත්  සඳහන් කරයි.

ලබන 18 වෙනිදා සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව රැස්වන අතර එහිදී ශාඛා 112ක නියෝජිතයන් පිරිසකගේ අදහස් පළ කිරීමෙන් අනතුරුව ගන්නා තීරණය ප්‍රකාශයට පත් කරන බවද හෙතෙම පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළයුතු වන්නේ ශ්‍රී ලංකාව මිස ඉන්දියාව නොවන බවද ඔහු පෙන්වා දේ.

ඉන්දියාවට අවශ්‍ය පරිදි ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය සමන් කැ‍ලේගම, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු පිරිසක් කටයුතු කරන බවත් ඔවුන්ගේ ඒ වෑයමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසි විටෙකත් ඉඩ නොතබන බවද වෛද්‍ය හේරත්  අවධාරණය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 678297747249713501

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item