ඉන්දීය ධීවර ගැටලුව විසදීමට රජය කටයුතු නොකරයි - එය රටේ ස්වාධිපත්‍යට ගැටළුවක්

ඉන්දු ලංකා ධීවර ගැටලූවට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ  අද (15)...

ඉන්දු ලංකා ධීවර ගැටලූවට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ  අද (15) පැවැසීය.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දියානු ධීවරයන් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් මෙරට ධීවරයන්ගේ අයිතීන් උල්ලංඝණය වන බව පවසමින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රත්න ගමගේ  කීවේය.

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ නීති විරෝධි ලෙස මසුන් මැරීමේ නිරත වීම නිසා උතුරු පළාතේ ධීවරයන්ගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් වී ඇති බව පැවැසූ ගමගේ  එම නිසා උතුරු ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික ධීවර භාවිතය අඩු වී ඇතැයි ද කීය.

ඉන්දීය ධීවරයන් නීති විරෝධී ලෙස මෙරට මුහුදේ ධීවර කර්මාන්තයේ රටේ ස්වාධිපත්‍යයට බලපෑමක් එල්ල වී ඇතැයි පැමිණිලිකාර පාර්ශවය ගොනු කිරීමට සම්බන්ධ වූ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ  පැවැසීය.

මන්නාරම ධීවර සමූපකාර සමිති සංගමයේ සභාපති මොහොමඞ් අලාම්, මුලතිව් ධීවර සමූපකාර සමිත සංගමයේ සභාපති ඇත්තනීපිල්ලේ මරියරාස, යාපනය ධීවර සමූපකාර සමිත සමිති සංගම් සම්මේලනයේ සභාපති වී. සුබ‍්‍රමනියම්, කිලිනොච්චි දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් ජෝශප් ෆ‍්‍රැන්සිස් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5416532639851879576

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item