සතොසට අයත් සහල් කිලෝ 32,000 ක්‌ විනාශ කරයි

මිනිස්‌ හෝ සත්ව පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්‍ෂ 18 ක්‌ පමණ වටිනා සහල් කිලෝ තිස්‌ දෙදාහක්‌ පමණ අධිකරණ නියෝග මත මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු වි...

මිනිස්‌ හෝ සත්ව පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්‍ෂ 18 ක්‌ පමණ වටිනා සහල් කිලෝ තිස්‌ දෙදාහක්‌ පමණ අධිකරණ නියෝග මත මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු විසින් පෙරේදා (21දා) සවස මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී විනාශ කර දමනු ලැබූහ.

ලංකා සතොසට අයත් බව කියන මෙම නරක්‌වූ සහල් තොගය මින්නේරිය කටුකාලියාව ප්‍රදේශයේ පුද්ගලික සහල් මෝලක තිබියදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය මස අග භාගයේදීය. එම සහල් නැවත විකිණීම සඳහා පිරිසිදු කරමින් තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබිණි.

මෙම සහල් තොගයේ සාම්පල් රජයේ රස පරීක්‍ෂක වෙත යොමුකිරීමෙන් පසු රස පරීක්‍ෂකවරයා අධිකරණය වෙත දන්වා ඇත්තේ එකී සහල් මිනිස්‌ පරිභෝජනයට තබා සත්ව පරිභෝජනයට හෝ නුසුදුසු බවයි. ඒ අනුව හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතාගේ නියෝග මත එකී සහල් තොගය සම්පූර්ණයෙන් විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ක්‍රියා කළහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Sha niyama wadakk, mehe minissu edaa weelata haal tikak ganne bohoma amaruwen, hamba karana mudala iwaraiii kanna, mehee haal hangala pus kaawata passe, winasha karanawa, mee minissungee oluwa palala lunu dala weeleenna thiyanna oneee

    ReplyDelete
  2. Sha niyama wadakk, mehe minissu edaa weelata haal tikak ganne bohoma amaruwen, hamba karana mudala iwaraiii kanna, mehee haal hangala pus kaawata passe, winasha karanawa, mee minissungee oluwa palala lunu dala weeleenna thiyanna oneee

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6581074837184992164

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item