මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධය පළමු ආසන බල මණ්ඩලය හක්මණදී පිහිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුරුණෑගලදී සිය හැටපස්වන සංවත්සරය සමරද්දී එම පක්ෂයේම ඉහල පෙළේ සාමාජිකයන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රථම ආසන බල මණ්ඩ...

https://www.sathhanda.com/2016/09/65_5.html
ඒ අනුව හක්මණ අසනයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බලමණ්ඩල පැවැත්වුනේ ඌරැබොක්ක සමුකිරණ රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.
එක්සත් ජනතා නිදහස් සංධානයේ මධ්‍යම කාරක සභාවෙන් නෙරපන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ සහ මහින්ද යාපා අබේවර්ධන ඇතුලු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රැස්වීමට සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට බලය හිමි කණ්ඩායමේ අවශ්‍යතාවය යළිත් වරක් එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීම බවට එහිදී චෝදනාවක් එල්ල කළ ඩලස් අලහපෙරුම මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමි කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ කවරක්දැයි අවබෝධ කරගත යුතු බවත් පැවසීය.
Related