කුඩාහල්මිල්ලෑවේ ගෙමිදුලකින් සිරිපතුල

සිරිපතුලට සමාන හැඩයෙන් යුක්‌ත ගලින් නිර්මාණය කළ කැටයම් සහිත පුවරුවක්‌ ඇලයාපත්තුව මානින්ගමුව කුඩාහල්මිල්ලෑව ගම්මානයේ නිවසක ගෙමිදුලකින් පෙර...

සිරිපතුලට සමාන හැඩයෙන් යුක්‌ත ගලින් නිර්මාණය කළ කැටයම් සහිත පුවරුවක්‌ ඇලයාපත්තුව මානින්ගමුව කුඩාහල්මිල්ලෑව ගම්මානයේ නිවසක ගෙමිදුලකින් පෙරේදා (10 දා) මතුවීම හේතුවෙන් එය දැක බලාගෙන වන්දනාමාන කිරීම සඳහා විශාල පිරිසක්‌ එම නිවසට පැමිණෙමින් සිටිති.

අඩි දෙකහමාරක්‌ දිගැති අඩි දෙකක්‌ පළල අඟල් හයක උසකින් යුත් මෙම ගල් පුවරුව කුඩා හල්මිල්ලෑව ගමේ එම්. ඒ. ගයාන් ළහිරු සම්පත්ගේ නිවස පිහිටි භූමියෙන් මතුව තිබේ.

ඒ පිළිබඳව අප වෙත අදහස්‌ දැක්‌වූ ළහිරු සම්පත්, දරුවන්ට සෙල්ලම් කිරීම සඳහා නිවස ඉදිරිපිට ඔන්චිල්ලාවක්‌ සාදා දුන්නා. දරුවන් ඔන්චිල්ලා පදින විට පය බිම ඇතිල්ලී ගලක කොටසක්‌ මතු වුණා. පසුව දරුවන් එම ගලෙහි හැපී වැටෙන නිසා මා උදැල්ලක්‌ රැගෙනවිත් එය ඉවත් කිරීමට හැදුවත් උදැල්ලට විශාල බරක්‌ දැනුණා. පසුව ලොකු අප්පච්චී සමඟ එක්‌ව හාරා බලන විට එය විශාල ප්‍රමාණයේ ගලක්‌ බව දැනුණා. එය ගොඩට ගෙන මඩ සෝදා හරින විට එම ගලෙහි කැටයම ශ්‍රී පතුලට සමාන බව තේරුම් ගියා. ශ්‍රී පතුලට සමාන කැටයම් දෙකක්‌ එම ගලෙහි පිහිටා තිබුණා. පසුව මේ පිළිබඳ අප ග්‍රාම නිලධාරි මහතා දැනුවත් කළා. මෙම පුවත සැලවීමත් සමඟ අවට ගම්මාන රැසක දහස්‌ ගණනක ජනතාව අපේ නිවසට පැමිණ මෙම පුරාවස්‌තුව වැඳ පුදා ගන්නවා."





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1379888312571308322

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item