විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය නිවැරදිව වටහා ගන්න - වජිර

තමා කිසිඳු විටෙක සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව කටයුතු නොකරන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශය නැවත නැවත...

තමා කිසිඳු විටෙක සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව කටයුතු නොකරන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශය නැවත නැවත මාධ්‍යයේ පළ කිරීම වැදගත් යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

ඊයේ (29) කොළඹ 07, ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සමුළුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක් වෙනවා. එතුමාගේ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොහෝ මාධ්‍යවල පළ වුණේ නැහැ.

ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මම සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව නොව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව කටයුතු කිරීම තමන්ගේ වගකීමක් කියලා.

එම ප්‍රකාශය නිවැරදිව වටහා නොගෙන, ජාතින් අතර සංහිඳියාවට බාධා එල්ල කිරීමට දැවැන්ත උත්සාහයක පිරිසක් නිරත වෙනවා.

ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය නැවත නැවත මාධ්‍යයේ පළ කිරීම වැදගත් යැයි මම සිතනවා.

යාපනය, මඩකළපුව පසුගියදා පැවැති අපේ උත්සව අවස්ථාවන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලුම දේශපාලන නියෝජිතයින් සහභාගි වී සිටියා. එහිදී ඔවුන් සියලුම දෙනාටම ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අපි අවස්ථාව ලබාදුන්නා.”

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව කතා කරන විට එය ජාතිවාදයක් හැටියට ඇතැමුන් විග්‍රහ කරන නමුත් සිය ජීවිත කාලය තුළ තමා කිසිම දිනක ජාතිවාදියකු නොවූ බව උතුරු පළාත් සභාවේ මහඇමති සී වී විග්නේශ්වරන් මහතා පසුගියදා 'බිබිසි සංදේශය' සමග පැවති සාකච්ජාවක දී අවධාරණය කර සිටියේය.

'එලුග තමිල්' වැඩ පිළිවෙල ඉතාම සාමකාමී පාගමනක් වූ අතර එම අවස්ථාවේ තමා පැවැත්වූ කතාවේ දී මුලින් ම සඳහන් කළේ එය 'සිංහල විරෝධී බෞද්ධ විරෝධී හෝ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක් නොවන බව' යයි මහඇමති සී වී විග්නේශ්වරන් සිහිපත් කළේය.

'තමාට කිසි විටක සිංහල විරෝධී දෙමළ ජාතිවාදියකු වීමට අවශ්‍ය නොකරන අතර තම දරුවන් දෙදෙනාම සිංහල ජාතිකයන් සමඟ විවාහ වී සිටින' බව එම සාකච්ඡාවේ දී මහඇමති සී.වී.විග්නේශ්වරන් සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5518293395105099047

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item