මහින්දට හිරිහැර කිරීම හෙලා දකිනවා - ජාතික හෙළ උරුමය

පසුගිය ඉරිදා (04) මැලේසියාවේ තානාපතිවරයාට පහරදීම හා ක්වලාලම්පූර් විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාට අඩත්තේට්ටම් කීරීමත් හිටපු ජනපති මහින්ද ර...

පසුගිය ඉරිදා (04) මැලේසියාවේ තානාපතිවරයාට පහරදීම හා ක්වලාලම්පූර් විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාට අඩත්තේට්ටම් කීරීමත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට තර්ජනය කිරීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ජාතික හෙළ උරුමය කියයි.

අද (07) පෙරවරුවේදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ  එබව කියා සිටියේය.

එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභික පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියන් සහ තරුණ ලේකම් කිංස්ලි පෙරේරා යන අය ද සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ වර්ණසිංහ වැඩිදුරටත් මෙසේද පැවසිය.

''මැලේසියාවේ ක්වලාලම්පූර් ගුවන් තොටුපලේදී එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන ඊබ්‍රහිම් සහීබ් අන්සාර් මහතාට සිදුවූ මෙම පහරදීම මුල්කරගෙන එරට රජයට චෝදනා ඉදිරිපත් කිරීමට ඇතමුන් උත්සහ කරන බවක් පෙනීයනවා.

පසුගිය කාලයේදී මැලේසියාව තුල පදිංචි කොටි හිතවාදී දෙමළ කණ්ඩායම් විසින් ලංකාවේ බෙදුම්වාදී කණ්ඩායම්වලට සහය ලබාදුන්නත් එරට රජය කේ.පී. වැනි කොටි නායකයින් අත්අඩගුවට ගැනීමටත් මැලේසියාව තුල ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායම් අඩපන කර ගෝලීය වශයෙන් ලංකාවේ බෙදුම්වාදය පරාජය කරන්නටත් ඉතා ප්‍රශංසනීය දායකත්වයක් ලබාදුන් බව අප මෙහිදී සිහිපත් කළ යුතුයි.

මේ සිදුවීම සිදුවී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සමුළුවකට සහභාගීවිමට මැලේසියාවට ගිය අතරතුරයි.

මැලේසියාව කියන්නේ ලංකාවේ දෙමළ බෙදුම්වාදයේ පියා වන එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ මාතෘ භූමියයි. ඔහු 1924 දී මැලේසියාවේ ඉදලා ලංකාවට ඇවිල්ලා තමයි දෙමල බෙදුම්වාදී පක්ෂය බිහිකලේ. එවැනි රටකට ත්‍රස්තවාදය පරාජය කිරීමට සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගියවිට මෙවැනි සිදුවීම් ඇතිවීම ස්වභාවිකයි. දැනට ලැබී ඇති තොරතුරු අනුව මේ සිදුවීමට සම්බන්ධ තමිල්නාඩු සම්භවයක් තියෙන කොටි හිතවාදින් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වුවත් අප පක්ෂයක් ලෙස මෙම පහරදීමටත් හිටපු ජනපතිවරයාගේ පැමිණීමට එරෙහිව එරටතුල සිදුකල ක්‍රියාදාමයටත් ක්වලාලම්පූර් විහාරමස්ථානයේ භික්ෂූන් වහන්සේට පහරදීමත් අපි දැඩිලෙස හෙළා දකිනවා. ඒ වගේම දැනට කලකට පෙර තමිල්නාඩුව තුලදීත් එරට සංචාරයේ ගිය අපේ භික්ෂුන් වහන්සේලාත් ක්‍රීඩකයින්, හමුදා නිළධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් වරින් වර අඩත්තේට්ටම්වලට ලක්වුනා.

කෙසේ වුවත් අපට ඉතාමත් මිත්‍රශීලීව කටයුතු කරන රටක් වන මැලේසියාව ගැන අපි වැරදි ආකල්පයක් ඇතිකර ගැනීම හොඳ නැහැ. ඒ වගේම මෙවැනි දේවල් යලි නොවන්නට මැලේසියානු රජය සමඟ එක්ව රාජ්‍යත්‍රාන්ත්‍රික ආකාරයෙන් කටයුතු කරන්න යැයි අපි සියලු වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා.''




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6832370738065911924

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item