සයිටම් සිසුන් අද මාධ්‍යට කියූ දේ

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීම සඳහා රජයේ අනුග‍්‍රහයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන්ටද ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි අද (07) අනාවරණ වුණ...

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීම සඳහා රජයේ අනුග‍්‍රහයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන්ටද ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි අද (07) අනාවරණ වුණා.

මෙම අනාවරණය කළේ මුලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීටයේ ඉගෙනුම ලැබ පසුව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ ශිෂ්‍යයෙක්.

ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා පටිපාටිය නිසා ලන්ඩන් උසස් පෙළ විභාගයට ශී‍්‍ර ලංකාවේ සිට පෙනී සිටින අයදුම්කරුවන්ට අසාධාරණයක් වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. තමන්ද එම ආසාධරණයට ලක්වූ බවයි ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් ලෝකයේම පස්වන ස්ථානය ලබාගත් ශිෂ්‍යාවක් කියා සිටියේ.

තමන්ට සිදුවූ අසාධාරණයට විසඳුමක් ලැබුණේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. කොළඹ අද (07) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7355571109049257855

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item