ශ්‍රී ලංකාව දැවැන්ත මුදල් අර්බුදයකට

ගෙවුම් ශේෂය ඉතා පහත අඩියකට වැටී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුදල් අර්බුදයකට මුහුණ පා සිටින බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා සිටී...



    ගෙවුම් ශේෂය ඉතා පහත අඩියකට වැටී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුදල් අර්බුදයකට මුහුණ පා සිටින බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා සිටී.

    රාජ්‍ය ණය සීඝ්‍රයෙන් ඉහළ යෑම, අතිවිශාල මූල්‍ය හිඟයක් හා විදේශ සංචිත පහත වැටීම මෙම තත්ත්වය උද්ගත වීමට හේතුකාරක වී ඇත.

    ලබන වසරේදී ගෙවා දැමීමට නියමිත ඩොලර් බිලියන 4.5ක් හා ඊට පසු වර්ෂයේදී ගෙවිය යුතු ඩොලර් බිලියන හතරක් ගෙවා දැමීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැත.

    රේගුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවකයින් සිදු කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ආදායම් එක්රැස් කිරීම පහත වැටීම නිසා මුදල් සංසරණය කළමනාකරණය කිරීම භාණ්ඩාගාරයට අපහසු කටයුත්තක් වී තිබේ.

    එම තත්ත්වය නිසා සිදු වූ පාඩුව දිනකට රු. බිලියනයක් පමණ වන බව පැවසේ.

    මේ සම්බන්ධයෙන් මුදල් සංසරණ කමිටුව හා මුදල් ඇමතිවරයා වහාම මැදිහත්ව නිසි පියවර ගතයුතු බව නිලධාරීන් කියා සිටී.




    මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

    Post a Comment

    emo-but-icon

    Related

    පුවත් 1962635230209020469

    දවසේ වීඩියෝව

    ජනප්‍රිය පුවත්

    උණුසුම් පුවත්

    Recent Posts Widget

    item