ඇස්බැස්ටෝස් තහනමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2018 ජනවාරි 01 වනදා සිට ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ආනයනය සීමා කිරීමට ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අ...

2018 ජනවාරි 01 වනදා සිට ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ආනයනය සීමා කිරීමට ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබේ.

2024 ජනවාරි 01 වනදා වන විට රට තුළ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සම්පුර්ණයෙන් තහනම් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදු කරන ලද යෝජනාවටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හාමි විය.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා කෙරෙන සුදු ඇස්බැස්ටෝස් (Chrysotile) ඇතුළු සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් නිෂ්පාදන පිළිකා කාරකයක් ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් හඳුනා ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සුදු ඇස්බැස්ටෝස් වලින් 80% ක් පමණ සෙවිලි තහඩු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඇස්බැස්ටෝස් මගින් සෞඛ්‍යයට සිදු වන අහිතකර බලපෑම් අවම කර ගනිමින් ජනතාවගේ සෞඛ්‍යය තත්වය ඉහළ නැංවීමේ අරමුණින් ලාභදායි ආදේශක වෙත යොමු වෙමින් ඉහත කී යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිත බව බලධාරීහු පවසති.

සෙවිලි තහඩු, පොළොවේ අතුරන ටයිල් වර්ග, සිමෙන්ති පයිප්ප, මෝටර් රථ සඳහා යොදා ගන්නා බ්‍රේක් පෑඩ්, කඩදාසි, ලණු ආදී නිෂ්පාදන රාශියක් සඳහා ඇස්බැස්ටෝස් ඛනිජය භාවිතා කෙරේ.

ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් පිළිකා කාරකයක් ලෙස හඳුනා ගනු ලැබූ නිල ඇස්බැස්ටෝස් (Crocidolite) ශ්‍රී ලංකාවට ආනයනය කිරීම 1987 වසරේ සිට තහනම් කරනු ලැබිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 733084673472342835

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item