ලූනු ගොවියෝ දඹුලු ආර්ථිකේ වටලති

දඹුල්ලේ ලොකු ලූනු කිලෝවට රුපියල් 80ක 90ව මිලක් ඉල්ලමින් ලොකු ලූනු ගොවියෝ 500ක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලාගෙන සිටිති. ඒ නිසා ...


දඹුල්ලේ ලොකු ලූනු කිලෝවට රුපියල් 80ක 90ව මිලක් ඉල්ලමින් ලොකු ලූනු ගොවියෝ 500ක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලාගෙන සිටිති.

ඒ නිසා එහි එළවළු මිලට ගැනීම විකිණීම සියල්ලම නතර වී තිබේ.

එළවළු රැගත් ලොරි සියයක් පමණ පාර දිගේ නතර කර ඇති අතර කිසිම ලොරියකට මධ්‍යස්ථානයට ඇතුළු විය නොහැකි ලෙස ගේට්ටුද වසා තිබේ.

ගොවීන්ගේ ඉල්ලීම වනුයේ තමන් ඉල්ලන මිල දෙන්නට බැරි නම් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන ලෙසයි.

ගොවීන් පවසනුයේ ලොකු ලූනු කිලෝව රුපියල් 40-60 අතර මිලකට ඉල්ලන බවයි. ඒ මිලට දීමෙන් වියදමවත් නොලැබෙන බව ඔහු කියයි. ගොවීන්ගේ තවත් මැසිවිල්ලක් වනුයේ රටින් ගෙන්වන ලූනු දඹුල්ලේ නැතත් කොළඹ හා තවත් ප්‍රදේශවල අඩු මිලට විකුණන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. ඇතිද පරිප්පුව ෴ යහපාලනේ ට දැන් ඉඩරීපල්ලා

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6066664015498483723

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item