වීසා දෙන්න කලින් ඊළාම් ද? ශ්‍රී ලංකා ද? කියලා අහනවා

ශ්‍රී ලාංකිකයෙකුට වීසා ලබා දීමේ දී ඔහු ඊළාම් රාජ්‍ය නියෝජනය කරන්නෙක්ද නැතහොත් ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජනය කරන්නෙක් ද යන්න විමසීමට ඇතැම් රටව...

ශ්‍රී ලාංකිකයෙකුට වීසා ලබා දීමේ දී ඔහු ඊළාම් රාජ්‍ය නියෝජනය කරන්නෙක්ද නැතහොත් ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජනය කරන්නෙක් ද යන්න විමසීමට ඇතැම් රටවල් කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉතා භයානක තත්වයක් ගොඩනැගෙමින් පවතින බවයි. කොළඹ ඊයේ (14) පස්වරුවේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී අදහස් දැක්වූවා.

එහිදී “මේ දෙගොල්ලොම එකතු වෙලා රටට කරන සේවය මොකක්ද?. එක්කො මේක රනිල්ට බාර දෙන්න ඕනේ.. නැත්නම් මෙයා කරන්න ඕනේ.. එයා කියන දේ මෙයා කරන්නෙ නැහැ.. මෙයා කියන දේ එයා කරන්නෙ නැහැ.. කැබිනට් මණ්ඩලය වෙනම දේවල් කරන්නෙ.. සමහර වීසා එකේ ශ්‍රී ලංකාවද ඊළාම් රජ්‍යටද ඔබ අයිතිවෙන්නෙ කියලා අහලා තියෙනවා. මේවා අද මාධ්‍ය තුළින් කතා කරන්නෙ නැහැ.. මොකද එයාලා බයයි ලයිසන් එක කැන්සල් වෙයි කියලා.” යනුවෙන්ද පැවසුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7755064832431870864

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item