රජයේ රෝහල්වල හදවත් සැත්කම් නවතී

රජයේ රෝහල්වල කෙරෙන හෘද සැත්කම් සියල්ලම හෙට (27) සිට සම්පූර්ණයෙන්ම නතර වන බව රජයේ හෘද පෙණහලු නිවේශක සංගමය අනතුරු අඟවයි. වෘත්තීය ඉල්ලීම් ක...

රජයේ රෝහල්වල කෙරෙන හෘද සැත්කම් සියල්ලම හෙට (27) සිට සම්පූර්ණයෙන්ම නතර වන බව රජයේ හෘද පෙණහලු නිවේශක සංගමය අනතුරු අඟවයි. වෘත්තීය ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් හෙට (27) සිට හෘද පෙණහලු නිවේෂකයන් ආරම්භ කරන අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් හෘද සැත්කම් කිසිවක් කිරීමට නොහැකි වනු ඇතැයි සංගමයේ සභාපති මංගල ජයසිංහ පැවැසීය.

හෘද නිවේෂකයන්ගේ පළමු හා දෙවන ශේ්‍රණියට රුපියල් 75ක් හා රුපියල් 125ක මුදලක් ලබා දුන්නද එය වසර 2014දී රුපියල් 125 සහ 200 දක්වා වැඩි කරන ලෙස සෞඛ්‍ය ‍ලේකම්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබුණ නමුත් එය මතෛක් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර නොමැති බවත් පසුගිය දිනවල ඇතැම් රාජ්‍ය සේවකයන්ට වැඩි වූ දීමනාවන් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ට හැර අනෙකුත් සියලුම ක්ෂේත්‍රයන්ට රුපියල් 3000ක දීමනාවක් ලබා දුන්නද එම දීමනාව හෝ තම වෘත්තියට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර නොමැති බවද මංගල මහතා පැවැසීය.

මෙම ඉල්ලීම් දෙක ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මේ අනුව කොළඹ, කරාපිටිය හා නුවර රෝහල්වල හෘද සැත්කම් නතර වන අතර තම ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ හෘද පෙණහලු නිවේෂකයන් වැඩ වර්ජනයට සහභාගි කරවා ගන්වා බව මංගල ජයසිංහ මහතා පැවැසීය.

වසර හතක් පුරා තම වෘත්තීය ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළද ඔවුන් මේ වන තෙක් නිසි විසඳුමක් ලබා දී නොමැති බවත් ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් කණ්ඩායම්වලට වඩා ඉතාමත් අඩු පහසුකම් තමන්ට ලැබෙන බවත් මෙය ඉතා අසාධාරණ වැඩ පිළිවෙළක් බවත් ජයසිංහ මහතා සඳහන් කළේය.

හෘද සැත්කමක් කරන අවස්ථාවලදී රෝගියාගේ හෘදය නතර කිරීමක් කරන අතර එසේ නතර කළ හෘදය මගින් සිදුකළ කාර්ය භාර්ය යන්ත්‍රයක් ආධාරයෙන් කරනුයේ හෘද නිවේෂකයන් බවත් ඒ අනුව පෙණහලුවලට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම, වකුගඩු මගින් මුත්‍රා පෙරීම, හා රුධිරයේ ලවණ මට්ටම ක්‍රමානුකූලව පවත්වාගෙන යාම, මොළයට අවශ්‍ය ඔක්සිජන් හා රුධිරය ලබාදීම ආදිය හෘදය මගින් කළ සියලුම කාර්ය භාර්ය සිදු කරනුයේ තම කණ්ඩායම විසින් බවද හෙතෙම අවධාරණය කරයි.

තමන් විසින් මෙතරම් විශාල කාර්ය භාර්යයක් ඉටු කරද්දීද තම වෘත්තීය ඉල්ලීම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකිරීම බරපතළ තත්ත්වයක් බවද හෙතෙම පෙන්වා දේ.

ශ්‍රියානි විජේසිංහ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5497980198819135863

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item