ව්‍යවස්‌ථා සම්පාදනයට දැනුම දෙන්න බ්‍රිතාන්‍ය ආණ්‌ඩුක්‍රම විශාරදයෝ 2ක්‌ එති

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ලබාදීම සඳහා අද (26 දා) බ්‍රිතාන්‍ය ආණ්‌ඩුක්‍රම විශාරදයෝ දෙදෙනෙක්‌ ශ්‍ර...

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ලබාදීම සඳහා අද (26 දා) බ්‍රිතාන්‍ය ආණ්‌ඩුක්‍රම විශාරදයෝ දෙදෙනෙක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙති.

ශ්‍රීමත් ජෙෆ්රි ජොයෙල් සහ ඩැනියෙල් ග්‍රින්බර්ග් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුම මෙරට පාර්ලිමේන්තු නියෝජිතයන්ට සහ නිලධාරීන්ට ලබා දීමට නියමිතය.

ඒ අනුව අද (26 දා) සිට අනිද්දා (28 දා) දක්‌වා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු සංකීර්ණයේ පවත්වන තෙදින වැඩමුළුව සඳහා සිය විශේෂඥ දැනුම බෙදා දීමට මෙම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ද එක්‌වීමට නියමිතය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1491646728222635751

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item