ප්‍රභාකරන්ගේ ලේ ගෑවුණු වැලි එකතු කරගත් සෙබළාගේ කතාව

"රණබිම ඔස්සේ නන්දිකඩාල්" කෘතිය පිළිබඳව මේවන විට මෙරට සියළු පුරවැසියන්ම පාහේ හොඳින් දන්නවා. මෙරට පමණක් නොව අදාළ කෘතිය පිළිබඳව ජාත...

"රණබිම ඔස්සේ නන්දිකඩාල්" කෘතිය පිළිබඳව මේවන විට මෙරට සියළු පුරවැසියන්ම පාහේ හොඳින් දන්නවා.

මෙරට පමණක් නොව අදාළ කෘතිය පිළිබඳව ජාත්‍යන්තර අවධානය පවා යොමුව ඇත්තේ තුන් දශකයක් පුරා ලාංකික භූමිය ලෙයින් තෙත් කළ කුරිරු යුද්ධයේ නිමාව පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක් එහි අන්තර්ගත වීම නිසා.

එපමණක් නොව මෙරට ඉතිහාසයේ වැඩිම ඉල්ලුමක් සහිත කෘතිය බවට ද"රණබිම ඔස්සේ නන්දිකඩාල්" පත්ව ඇත්තේ මින් පෙර පැවැති වාර්තා බිඳදමමින්.

කෘතිය වෙත පමණක් නොව එය රචනා කළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත ද පසුගිය දින කිහිපයේම යොමු වූ දැඩි අවධානය තවමත් පහව ගොස් නැහැ.

තමන් රචනා කළ කෘතිය පිළිබඳ අදහස් දක්වන අතරතුරේ කමල් ගුණරත්න මහතා අපූරු සිදුවීමක් සිහිපත් කළා.

ඒ යුද්ධයේ නිමාව සටහන් කරමින් LTTE ත්‍රස්ත නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කර සුළු වේලාවකට පසු ඔහුට ලැබුණු අත්දැකීමක්.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඒ මතකයන් බෙදාගත්තේ මෙහෙම යි.

"මට ඒ සෙබළා මතක නෑ. නමුත් සිද්ධිය මතකයි. එම සෙබළා ප්‍රභාකරන්ගේ ‍ලේ තැවරුණු වැලි එකතු කරන විට අපේ නිලධාරියෙකු මොකක්ද ඔය කරන්නේ කියලා අහලා තියනවා. ඒ වේලාවේ ඔහු ප්‍රභාකරන්ගේ මිනිය පෙන්වමින් මෙහෙම කියලා තියෙනවා."

"සර් දන්නවා ද? මගේ අම්මාගේ බඩින් ඉපදුනු මගේ අයියලා තුන්දෙනෙක් මේ යුද හමුදාවේ සිටියා. මූ ඒ තුන්දෙනාම මරලා දැම්මා. මම මේ ‍ලේ ගත්තේ අයියලා මරපු පළිය ගත්තා කියලා අම්මාටත් තාත්තාටයි පෙන්වන්න"



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 302084555819400722

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item