නන්දිකඩල් මඩ ප්‍රහාරය ගැන සරත් විජේසූරිය කමල් ගුණරත්නට ලියයි

මහාචාර්ය සරත් විජේසූරිය විසින් මේජර් ජනරාල් කමල් ගුණරත්න රචනා කර, එළිදැක්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ ග්‍රන්ථය සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රක...

මහාචාර්ය සරත් විජේසූරිය විසින් මේජර් ජනරාල් කමල් ගුණරත්න රචනා කර, එළිදැක්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ ග්‍රන්ථය සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ‘ෆෙස් බුක් ’ ඔස්සේ කරනු ලැබූ මඩ ප්‍රචාරයන් සම්බන්ධයෙන් මහාචාර්යවරයා සිය ලිපියකින් ප්‍රතිචාර දක්වා තිබේ.

"යුද්දෙට යන්න මටත් අවස්ථාවක් ලැබුණා නම් මම ඔයිට වඩා විකිණෙන පොතක් ලියනවා" යනුවෙන් මහාචාර්යවරයා ප්‍රකාශකල බව කියමිනුයි මහාචාර්යවරයාව විවේචනය කර තිබුණේ.

අදාළ ලිපිය මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙත යොමු කර ඇති මහාචාර්යවරයා, එමගින් දක්වා ඇත්තේ තමන් මේජර්වරයාගේ පොත කියවා හෝ කිසිදු විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කර නොමැති බව යි.

එසේම තමන් සමබන්ධයෙන් ‘ෆේස්බුක්’ හෙවත් ‘මුහුණු පොත’ භාවිත කරමින් පල කළ ප්‍රචාර ‘ගරිල්ලා ප්‍රහාර’ වශයෙන් මහාචාර්යවරයා සිය ලියවිල්ලේ දක්වා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2821821882221520521

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item