ඖෂධ මිල අඩු නොකළොත් සෞඛ්‍ය ඇමැතිට නඩු - වෛද්‍ය සංගමය

ඖෂධ මිල පහත දැමීමට කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව අධිකරණයට යන බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඖ...

ඖෂධ මිල පහත දැමීමට කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව අධිකරණයට යන බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඖෂධ මිල පාලනය කිරීමට යැයි පවසමින් මීට වරස එකහමාරකට පෙර ගෙන එන ලැබූ ජාතික ඖෂධ පනත තවත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයිද ඒ හේතුවෙන් ඇතැම් ඖෂධවල මිල සියයට අටසියයකින් ඉහළ ගොස් ඇතැයිද සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේය.

ඖෂධ මිල පාලනය කිරීමේ ක්‍රමවත් වැඩ පිළිවෙළක් නොමැති වීම හේතුවෙන් ඖෂධ සමාගම් හිතූ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමට පටන් ගැනීමෙන් රෝගී ජනතාව මහත් අසීරුවකට පත්ව ඇතැයි හෙතෙම පෙන්වාදේ.

මේ තත්ත්වයට වහාම විසඳුමක් ලබා දීමට සෞඛ්‍ය ඇමැතිවරයා සමත් නොවුවහොත් ඔහුට විරුද්ධව අධිකරණය හමුවට යාම අනිවාර්ය වන බවද වෛද්‍ය බණ්ඩාර අවධාරණය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7101291577893911575

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item