තවත් අවියක් දියවන්නාවෙන් මතුවෙයි

මාලඹේ පිට්ටුගල ප‍්‍රදේශයේ නිවසකදී සිය බිරිඳට වෙඩි තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු යුද හමුදාවේ ලුතිතන් කර්නල්වරයාට අයත් බව කිය...

මාලඹේ පිට්ටුගල ප‍්‍රදේශයේ නිවසකදී සිය බිරිඳට වෙඩි තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු යුද හමුදාවේ ලුතිතන් කර්නල්වරයාට අයත් බව කියන තවත් ගිනිඅවියක් දියවන්නා ඔයේ තිබී අද (01) සොයා ගැනුණා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින අදාළ ලුතිතන් කර්නල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන
9 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි. සැකකාර ලුතිතන් කර්නල්වරයා වෙඩි තැබීම සඳහා භාවිත කළ බව කියන ගිනිඅවියක් දියවන්නාව ආසන්නයේ ජපන් මිත‍්‍රත්ව පාලම යට තිබී ඉකුත් දා සොයා ගැනුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මෙම ලුතිතන් කර්නල්වරයා සිය බිරිඳට වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ එකක් බවයි. මේ වන විට සැකකාර ලුතිතන් කර්නල්වරයාගේ වැඩ තහනම් කිරීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4265493876753069488

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item