නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවයට මහ සෙනගක්

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික පූජා මංගල්‍ය වෙනුවෙන් දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ තනකට අධික පිරිසක් සහභාගී වී ඇති බව නල්ලූර් කෝවිල් භා...

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික පූජා මංගල්‍ය වෙනුවෙන් දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ තනකට අධික පිරිසක් සහභාගී වී ඇති බව නල්ලූර් කෝවිල් භාර කාර පූජක මණ්ඩලය කියා සිටියේය.

පුරා මසකට ආසන්න කාලයක් නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජාවන් පැවත්වෙන අතර මේ දිනයන්දී කෝවිල වටා තේරු රථය රැගෙන යන අතර 02දා එය අවසන් වෙයි.

නල්ලූර් කෝවිලේ සිදුකෙරෙන ප්‍රධානතම පූජාවක් වන මෙම තේරු රථ පූජාව වන අතර තේරු රථය දින 20 ක් කෝවිල වටා රැගෙන යාම සිදු කෙරෙයි එහිදී සියලු බැතිමතුන් විසින් සිය බාර හාරයන් ඔප්පු කර ගැනීම සිදු කෙරෙ.

මෙවර නල්ලූර් වාර්ෂික උත්සවය වෙනුවෙන් උතුරේ සිට විදෙස්ගතව සිටින විශාල බැතිමතුන් පිරිසක්ද විදේශිකයින් රැසක්ද දිවයින් විවිධ පළාත්වල සිටද විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූ බව නල්ලූ කොවිල් බාරකාර මණ්ඩලය කියා සිටියේය.

යුද සමයෙදී නල්ලුර් කෝවිලේ වාර්ෂක උත්සවයන් සඳහා ඉතාම අඩු බැතිමතුන් පිරිසක් සහභාගී වුවත් යුද්දයෙන් පසුව වසරින් වසර වාර්ෂික උත්සවය වෙනුවෙන් සහභාගී වන බැතිමත් පිරිස වැඩි වන බවද නල්ලූර් කෝවිල් භාරකාර මණ්ඩලය වැඩි දුරටත් කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8785914520640249856

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item