යාපනයේ සිවිල් අපරාධ රැල්ලක් - යුද හමුදාවෙන් අනතුරු ඇඟවීම්

යාපනය අර්ධද්වීපයේ අවතැන් කඳවුරුවල රැඳී සිටින සියලු දෙනා 2017 වසරේ ජුනි මාසය වන විට යළි ඔවුන්ගේ මුල් ගම් බිම්වල පදිංචි කිරීමට බලාපොරොත්තු ...

යාපනය අර්ධද්වීපයේ අවතැන් කඳවුරුවල රැඳී සිටින සියලු දෙනා 2017 වසරේ ජුනි මාසය වන විට යළි ඔවුන්ගේ මුල් ගම් බිම්වල පදිංචි කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාව පවසනවා.

යාපනය ප‍්‍රදේශය භාර ආඥාපති මේජර් ජෙනරාල් මහේ්ෂ් සේනානායක සඳහන් කළේ මේ වන විට යාපනය අර්ධද්වීපය තුළ අවතැන් කඳවුරු 31 ක් පමණක් පවතින බවයි. ඒවායේ පවුල් 971කට අයත් පුද්ගලයින් 3388 දෙනෙකු වාසය කරනවා. ඔහු මෙම අදහස් පළ කළේ කීරමලේ ප‍්‍රදේශයේ යුද හමුදාව විසින් ඉදිකරන නිවාස ව්‍යාපෘතියක ප‍්‍රගතිය පිළිබඳ යාපනයේදී මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින්.

කෙසේ වෙතත් යාපනය ප‍්‍රදේශයේ පවතින සිවිල් අපරාධ රැල්ල ක‍්‍රමයෙන් වර්ධනය වීම කණගාටුදායක බවද ආඥාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. එය යුද හමුදාව සතු වගකීමක් නොවන බවද පැවසුවා. එය පොලිසියෙන් සිදුකළ යුුතු කාර්යයක් බවත් සඳහන් කළා. මීට බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ යාපනයේ ජනතාවගේ නිදහස රටේ අනෙක් පළාත්වලට වඩා වැඩිවීම බවත් සඳහන් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7199979760764045083

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item