රනිල්, නිෂා බිස්වාල් හමුවේ

2016 ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට පැමිණි අමෙරිකානු ...

2016 ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට පැමිණි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් වර්තමාන දේශපාලන, සමාජයීය සහ ආර්ථික ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා පැවැත්වූවා ය.


02 වන දා සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හෝටලයේ පැවති මෙම සාකච්ඡාවන්හි දී ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන ක්‍රියාදාමය සහ ආසියානු කලාපීය රටවල දේශපාලන අභියෝගයන් සම්බන්ධව ද අවධානය යොමු කෙරිණි.

මහනුවර, කොළඹ, හම්බන්තොට ආර්ථික කොරිඩෝරයේ සංවර්ධන සැලසුම් සහ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ආශ්‍රිත සංවර්ධන කාර්යයන් පිළිබඳව කරුණු පැහැදිලි කෙරුණු අතර, යුද්ධයෙන් බරපතල පීඩාවන්ට ලක්වූ උතුරු පළාතේ ජන ජීවිතය යළි සාමාන්‍ය තත්වයට පත් කරලීම සඳහා ක්‍රියාත්මක කළ යුතු දීර්ඝ කාලීන තිරසර වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සම්මුතිවාදී රජය ගෙනයනු ලබන යහපාලන වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රසාදය පළ කළ බිස්වාල් මහත්මිය, ශ්‍රී ලාංකේය ජනතාවගේ යහපත සහ අභිවෘද්ධිය වෙනුවෙන් සහය ලබා දීමට සූදානමින් සිටින බව ද අවධාරණය කළා ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1578582766403702008

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item