දුම්වැටි පනතට එරෙහි ඇමැතිවරු හෙළිකරන්න - ආණ්ඩුවේ ප්‍රබලයින් ජනපතිගෙන් ඉල්ලයි

දුම්කොළ පනතට විරුද්ධ වන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හෙළිදරව් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිස...

දුම්කොළ පනතට විරුද්ධ වන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හෙළිදරව් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

දුම්කොළ නිෂ්පාදනවල බද්ද ඉහළ දැමීම සඳහා මෙලෙස දුම්කොළ පනත සංශෝධනය කිරීමට නියමිත අතර එයට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් විරෝධය එල්ලවී තිබේ.

මේ පිළිබඳව මූල්‍ය කටයුතු පිළිබඳ කමිටුවේද සාකච්ඡා වී තිබෙන අතර එහිදී රජයේ ඇතැම් ඇමැතිවරු සහ නිලධාරීන් දුම්වැටි සඳහා අය කරන බද්ද ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාදීමට එකඟ වී නැත.

ඒ නිසා එසේ දුම්වැටි පනතට අකුල් හෙළන මැති ඇමැතිවරු හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටීමට මෙම පිරිස සූදානම් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7723096931884910666

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item