ජනපති 21 දා එ.ජාතීන්ගේ සමුළුව අමතයි
එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිවාරය අද ආරම්භ වේ. අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී ආරම්භ වන මෙම සැසිවාරයේ රාජ්‍ය නායකයින්ගේ සමුළුව ලබන 20...

https://www.sathhanda.com/2016/09/21.html
එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිවාරය අද ආරම්භ වේ.
අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී ආරම්භ වන මෙම සැසිවාරයේ රාජ්‍ය නායකයින්ගේ සමුළුව ලබන 20 වන දින ආරම්භවීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ සැප්තැම්බර් මස 21 වන දින ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බවයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා සැප්තැම්බර් මස 18 වන දින නිව්යෝර්ක් බලා පිටත්ව යාමට නියමිතය.
Related