ඒකාබද්ධ විපක්ෂයයේ පිරිසක් ජනපති හමුවෙති

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීව...

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරි දින කිහිපය ඇතුළත විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට එකතුවන ලෙස කරන ලද විවෘත ආරාධනය සැලකිල්ලට ගනිමින් මෙම මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන්නේ නම් එහිදී ක්‍රියාත්මක කළ යුතු විශේෂ වැඩපිළිවෙළක් හා සම්බන්ධ යෝජනාවලියක් ද මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සාකච්ඡා කරමින් සිටී.

මෙම වැඩපිළිවෙළ මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමකට ඉඩ නොදී රැක ගැනීමද එම මන්ත්‍රීවරුන්ගේ බලා‍පොරොත්තුව වී තිබේ. ඒ අනුව මෙම දිනවලදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අදාළ කාරණා සම්බන්ධයෙන් විටින් විට සාකච්ඡා පවත්වමින් සිටිති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7426201349497132698

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item