බුද්ධි අංශ පවුල් කොටුවේ විරෝධයක

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (15දා) සාමකාමී විරෝධතා ව...

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (15දා) සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට බුද්ධි අංශ සාමාජිකයන් 8 දෙනාගේ පවුල්වල බිරින්දෑවරුන්, දරු දැරියන් 17 දෙනා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දැනට සිරගත කර සිටින බුද්ධි අංශ සාමාජිකයන්ට විරුද්ධව විමර්ශනයන් සිදුකර නඩු පවරන ලෙසත්, වැරදි තිබේ නම් හිරේ දමන ලෙසත් එතෙක් ඇප මත නිදහස් කරන ලෙසත් එම සාමාජිකයන් ඉල්ලා සිටියහ.

“ගරු අගමැති මාමේ අපිට දුකයි, පාළුයි, අප්පච්චි ගෙදර එවන්න“ , “ මිනීමරු කොටින්ට නිදහස රණවිරුවන් සිරගෙට-මේකද යහපාලනේ“ , “ගරු අගමැතිතුමනි පවුල් 8 දරුවෝ 17 ස්වාමිපුරුෂයන් සිරගත කර වසරයි අපි කනහැටි ලිපා දනී“ යන වැකි ඇතුළත් ප්‍රදර්ශන පුවරු ඔවුන් ප්‍රදර්ශනය කළහ.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1271135439593847455

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item