දුරකථන - අන්තර්ජාල බදුවලින් තරුණ ප්‍රජාවට අසාධාරණයක්

දුරකථන හා අන්තර්ජාල ගාස්තු මත පනවන ලද අධික බදු බර හේතුවෙන් තරුණ ප්‍රජාව විශාල අසාධාරණයකට ලක්ව ඇති බව සමාජවාදී තරුණ සංගමය පවසයි. නිවේද...

දුරකථන හා අන්තර්ජාල ගාස්තු මත පනවන ලද අධික බදු බර හේතුවෙන් තරුණ ප්‍රජාව විශාල අසාධාරණයකට ලක්ව ඇති බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ මේ වන විට දුරකථනය සහ අන්තර්ජාල සේවා රටේ මහජනතාවගේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇති බවයි.

එවැනි තත්වයක් තුළ දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත සියයට 50කට ආසන්න බද්ධක් පැනවීමෙන් මෙරට තරුණ ප්‍රජාව ඇතුළු සමස්ථ මහජනතාව දැඩි ලෙස පීඩාවට පත් වන බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

වත්මන් රජය විසින් තාරුණ්‍යය සහ ජනතාව පීඩාවට පත් කරමින් පනවා ඇති අසාධාරණ බදු වහාම ඉවත් කරන ලෙස සමාජවාදී තරුණ සංගමය අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1833063062573408231

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item