දුම්කොළ බදු වැඩි කිරීමට එරෙහි වන අය හෙළිකරන්න

දුම්කොළ බදු වැඩි කිරීමට එරෙහි වන දේශපාලනඥයන් සහ නිලධාරීන් වහාම රටට හෙළිකරන ලෙසට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත්‍...

දුම්කොළ බදු වැඩි කිරීමට එරෙහි වන දේශපාලනඥයන් සහ නිලධාරීන් වහාම රටට හෙළිකරන ලෙසට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්‌ කරයි.

මාස ගණනක සිට දුම්කොළ අඩංගු නිෂ්පාදන සඳහා සියයට 90 කින් බදු වැඩි කිරීමට උපදෙස්‌ දුන්නද එය මෙතෙක්‌ ක්‍රියාත්මක වී නැතැයි එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යෑවූ ලිපියක සඳහන් වෙයි.

අදාළ බදු වැඩි කිරීමට ඇතැම් දේශපාලනඥයන් හා නිලධාරීන් උනන්දු නැති බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පැවසූ බව ද එම ලිපියෙහි සඳහන් කර ඇත.

බදු වැඩි කිරීමට නොහැකි තත්ත්වයක්‌ ජනාධිපතිවරයාට නොමැති නම් එදිනෙදා කාර්යයන් ඉටු කර ගැනීමට රාජ්‍ය ආයතන වෙත පැමිණෙන සාමාන්‍ය ජනතාවට අත්වන ඉරණම සිතාගත හැකි බව ද එහි දැක්‌වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8008278085897509835

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item