ආලෝකය නිවා දමා අවසාන තීන්දුව දීමට පෙර දුමින්ද සිල්වා අධිකරණයේදී අවසානයට පැවසු දේ

''සිද්ධියෙන් මටත් වෙඩි වැදුණා. ඊට පස්සෙ සිදුවූ දේවල් මට මතක නැහැ. මේ චෝදනා සියල්ලට මම නිවැරැදිකරු යැයි මරණීය දණ්ඩනය නියම කිරීමට ප...

''සිද්ධියෙන් මටත් වෙඩි වැදුණා. ඊට පස්සෙ සිදුවූ දේවල් මට මතක නැහැ. මේ චෝදනා සියල්ලට මම නිවැරැදිකරු යැයි මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර විත්ති කූඩුවේ සිට දුමින්ද සිල්වා ඊයේ (08) ප්‍රකාශ කැර සිටියේය.

ඒ අවස්ථාවේ තුන්වැනි විත්තිකරු වන චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද පවසා සිටියේ තමා අධිකරණය හමුවේ පැවසූ සියලු කරුණු සත්‍ය බව හා තමා ද මේ සියලු චෝදනාවලට නිවැරැදිකරු වන බවයි.

තමා පොලිස් නිලධාරියකු ලෙස කටයුතු කළද මෙම සිද්ධියට අදාළ චෝදනා සම්බන්ධව තමන් නිවැරැදිකරු බව ද නඩුවේ පළමු විත්තිකරු වන අනුර තුෂාර ද මෙල් පැවසීය.

තවද නඩුවේ 7 වැනි විත්තිකරු වූ සරත් බණ්ඩාර ද විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කර සිටියේ තමන් සියලු චෝදනාවනට නිවැරැදිකරු වන බවයි.

විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට කළ එම ප්‍රකාශ‍යන්ගෙන් අනතුරුව පෙරවරු 11.50 අධිකරණ ශාලාවේ සියලු විදුලි ආලෝකයන් නිවා දැමුණු අතර නැඟී සිටි විනිසුරු මඬුල්ලේ සාමාජික මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක ගුණතිලක මහත්මිය විත්තිකරුවන් හට මරණීය දණ්ඩනය නියම කර සිටියේය.

මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත්කර විනිසුරු මඬුල්ල අධිකරණ ශාලාවෙන් පිටව ගිය පසු අධිකරණ ශාලාවේ සිට විත්තිකරුවන්ගේ ඥාතීන් හඬා වැළපෙන්නට විය.

තීන්දුවට එරෙහිව අභියාචනයකකොළඹ දිස්‌ත්‍රික්‌ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු පුද්ගල ඝාතන සම්බන්ධයෙන් විනිසුරු මඬුල්ල විසින් ලබා දුන් මරණීය දණ්‌ඩන නියෝගය ඇතුළු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ හැකි ඉක්මනින් අභියාචනයක් ගොනු කිරීමට සූදානම් වෙයි.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥයින් මේ බව සදහන් කලේය.

එම සිවු පුද්ගල ඝාතන නඩුවේ 11 වැනි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පස්‌දෙනකුට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල 2/3 බෙදුණු තීන්දුවක්‌ ලබා දෙමින් ඊයේ (08 දා) මරණීය දණ්‌ඩනය නියම කළහ.

මෙම නඩුවේ 11 වැනි විත්තිකාර ආර්. දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් පෙන්වා දුන්නේ සිය සේවාදායකයාගේ හිසට එකී සිද්ධියේදී එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් දැඩි ලෙස හානි වී ඇති බැවින් ඔහුට යම් කම්පනයක්‌ ඇති නොවන ලෙසට කටයුතු කරන ලෙසට වෛද්‍ය උපදෙස්‌ ලැබී ඇති බවයි.

එබැවින් ඔහුට ලබාදිය හැකි අවම දඬුවම නියම කරන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ යෑයි ද පැවසූ ජනාධිපති නීතිඥවරයා තමන් ඇතුළු විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ නීතිමය කරුණු සලකා සියලු විත්තිකරුවන් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට තීන්දු ප්‍රකාශයක්‌ කළ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතාට ස්‌තුතිය පුද කරන්නේ යෑයි ද පැවසීය.

සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන්ව වැරදිකරුවන් කිරීමට බාහිර බලපෑම් එල්ල වූ බව තමා විශ්වාස කරන නමුත් තමන් ඇතුළු විත්තියේ නීතිඥවරුන් අධිකරණයේ ස්‌වාධීනත්වය කෙරෙහි විශ්වාසය තැබූ බව ද ජනාධිපති නීතිඥවරයා එහිදී පවසා සිටියේය.

විනිසුරු මඬුල්ල විසින් ලබා දුන් මරණීය දණ්‌ඩන නියෝගය ඇතුළු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට හැකි ඉක්‌මනින් අභියාචනා ගොනු කරන බවද ඔහු පවසා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 197785990195163694

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item