ඉදිරියේදී අපි විශාල වෙනසක් කරනවා - චම්පික රණවක
ඉදිරි අවුරුදු 4 තුළ කොළඹ නගරයේ විශාල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක පවසයි. ඒ මහතා මේ...
http://www.sathhanda.com/2016/09/blog-post_98.html
ඉදිරි අවුරුදු 4 තුළ කොළඹ නගරයේ විශාල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති නිලධාරී හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය,
" අපි විශාල වෙනසක් ඉදිරි අවුරුදු හතරේදී කොළඹ නගරයේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ගොඩනැගෙමින් තිබෙන මූල්‍ය නගරයට යාබදව බේරේ වැව වටේ ප‍්‍රදේශය හා එහි ජල කදම්භය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා, පැල්පත්වාසීන් ඉවත් කර ඒ අයට වෙනම නිවාස ඉදිකොට, බස්නාහිර මහා නගරයේ ප‍්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථාන බවට පරිවර්ථනය කරනවා.
කොටුව දුම්රිය ස්ථානය, වරාය හා ප‍්‍රධාන බස්නැවතුම යා කරන, ප‍්‍රධානතම ප‍්‍රවාහන මධ්‍යස්ථානය හා තවත් ප‍්‍රවාහන මධ්‍යස්ථාන 05 ක් සමග සම්බන්ධ කරනවා. බස්නාහිර පළාතේ ප‍්‍රධාන මාර්ග, හයිලෙවල් මාර්ගය, මීගමු මාර්ගය, ගාලූ පාර, හොරණ පාර, යන මාර්ග යා කරන ප‍්‍රවාහන මධ්‍යස්ථානය සමග කරන්නත් ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා.

Related