බැඳුම්කර මිලට ගත් සමාගම බිලියන 66ක් ණය ලබාගෙන 1853% ක ලාභයක් ලබාගෙන

බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ල වී තිබෙන සමාගම පසුගිය වසරේ පෙබරවාරි 27 වනදින සිට මේ වසරේ මාර්තු 29 දක්වා කාලය තුළ මහ බැංකුවෙන් රුපියල් බිලිය...

බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ල වී තිබෙන සමාගම පසුගිය වසරේ පෙබරවාරි 27 වනදින සිට මේ වසරේ මාර්තු 29 දක්වා කාලය තුළ මහ බැංකුවෙන් රුපියල් බිලියන 66ක ණය ලබාගෙන තිබෙන බව කෝප් කමිටු සාමාජික අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

එලෙස ලබාගත් ණය මුදල් බැඳුම්කර හරහා නැවත මහ බැංකුවට ලබාදී තිබෙන බවත්, ඒ හරහා ඔවුන් 1853% ක ලාභයක් ලබාගෙන තිබෙන බවද පවසා සිටියේය

අද (27දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ කෝප් කමිටු සාමාජික අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ රුපියල් බිලියන 66ක් ලබාගෙන තිබෙන්නේ දුරකථන ඇමතුම් ලබාදීමෙන් බවය. මීට අමතරව ලංකා බැංකුවෙන් එක් දුරකථන ඇමතුමකින් රුපියල් බිලියන 13ක් ලබාගෙන තිබෙන බවට හෙළිවී ඇතැයිද පවසා සිටියේය.

මහබැංකුව විසින් රුපියල් බිලියන 66 ලබාදීමේදී කිසිදු ආරක්ෂිත ක්‍රම‘වේදයක් භාවිතකර නොමැති බවත්, මේ පිළිබඳව හෙළිවීමෙන් පසු ඔවුන්ට රුපියල් මිලියන 21ක දඩ මුදලක් පනවා තිබෙන බවද සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3600956161523290616

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item