ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82ක් UAEවලට විකුණලාද?

ලෝක උරුමයක් වන ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82ක් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා එක්සත් එමීර් රාජ්‍යයට අයත් සමාගමකට ලබාදී තිබෙන බව තෙත්බිම් උරුම...

ලෝක උරුමයක් වන ශ්‍රීපාද රක්ෂිතයේ අක්කර 82ක් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා එක්සත් එමීර් රාජ්‍යයට අයත් සමාගමකට ලබාදී තිබෙන බව තෙත්බිම් උරුමය සංවිධානය සඳහන් කරයි.

මස්කෙළිය හා නල්ලතන්නියට අතර මැද ප්‍රදේශයෙන් මෙම අක්කර 82ක ප්‍රමාණය ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා ලෝක උරුම තත්ත්වයත් දැඩි අනතුරකට ලක්විය හැකි බවද එම සංවිධානයේ ලේකම් කැලුම් තුෂාර මහතා සඳහන් කළේය.

මෙරට තුළ ක්‍රියාත්මක දුරකථන සමාගමක් විසින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදුකිරිමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.

ශ්‍රීපාද කඳු මුදුනේ ආදම්ගේ පාසටහන් ඇති බවට විශ්වාස කර ඒ සඳහා ඉස්ලාම් බැතිමතුන් ගෙන්වාගැනීම සඳහා මෙම හෝටල් ව්‍යාපෘතිය සිදුකරන බවට වාර්තාවන බවද ලේකම්වරයා සඳහන් කළේය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7467340721850853417

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item