මැති ඇමතිවරුන්ගේත් වැටුප් වැඩිවෙයි?

අගවිනිසුරුවරයාගේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර...

අගවිනිසුරුවරයාගේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

යම් හෙයකින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ඉදිරියේදී කැබිනට් අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමක්ද සිදුවන බව වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් කැබිනට් ඇමතිවරයෙකුගේ වැටුප ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ වැටුපටත්, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ වැටුප අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ වැටුපටත් සමාන බවට සම්ප්‍රදායක් පවතී.

කෙසේ වෙතත් මෙම නව යෝජනාව අනුව අගවිනිසුරුවරයාගේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ, අභියාචනාධිකරණ සභාපතිවරයාගේ හා අභියානාධිකරණ විනිසුරුවරුන්ගේ ආරම්භක වැටුප 100%කින් පමණ ප්‍රමාණයකින් වැඩි වනු ඇත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108.1 වගන්තිය යටතේ මෙම විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම පාර්ලිමේන්තු අනුමැතියෙන් සිදුවිය යුතු අතර ඊට අදාළව වැටුප් වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 975759475031847843

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item